කොවිඩ් ව්‍යාජ දත්ත වලට හේතුව සෞඛ්‍ය ඇමති හේතු දක්වයි

තවත් කොරෝනා මරණ 209ක් ඊයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ අතර ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 8157ක් දක්වා ඉහළ ගියා. කොරෝනා මරණ සංඛ්‍යාව 200 ඉක්ම වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

ඒ සමඟ ම සමස්ත මරණ සංඛ්‍යාව 8000 සීමාව ඉක්මවූවා. ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 4602ක් හඳුනා ගැනුණු බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් 05 දෙනෙකු ද සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ 12,370ක් දක්වා ඉහළ ගියා.

තවත් කොරෝනා ආසාදිතයන් 2139 දෙනෙකු ඊයේ සුවය ලබා රෝහල්වලින් පිට ව ගොස් තිබෙනවා. ඒ අනුව, සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව තුන්ලක්ෂ 51,069ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් කිසි ලෙසකින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නො කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අවධාරණය කළා.

ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් යම් තාක්ෂණික හා කාල රාමුවන්හි සුළු වෙනස්වීම් හේතුවෙන් ඇතැමුන් පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

වෘත්තීය සමිති නියෝජිත පිරිසක් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ පැවති සාකච්ඡාවක දී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව ප්‍රකාශ කළේ යැ යි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

මේ අතර බෝනොවන රෝගවලට සායනික ප්‍රතිකාර සඳහා යොමුව ඇති අවුරුදු 60 ඉක්මවු පිරිස් කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බවත් ඔවුන් සියලුදෙනා කඩිනමින් පුර්ණ එන්නත්කරණය සඳහා යොමුකරන බවත් අමාත්‍යවරයා එහිදි සඳහන් කළේය.

කොවිඩ් ආසාදිතව මියයන පිරිසෙන් 86%ක් විවිධ සංකූලතා සහිත පිරිස් වන බවත් ඉන් 12%ක් පළමු එන්නත පමණක් ලබාගෙන ඇති බවත් අමාත්‍යවරයා එහිදි පෙන්වා දී තිබේ.

එමෙන්ම මියගිය අයගෙන් එන්නත් දෙකම ලබා ඇති පිරිස 2.5%ක් වන අතර ඔවුන් ද විවිධ සංකූලතා පෙන්නුම් කළ අය බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.

එමෙන්ම,දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් වන තීරණය අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ,

කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස්වීමට නියමිත අතර, එහි දී මෙම තීරණයට එළඹෙන බවයි. එහි දී, දැනට වාර්තා වී ඇති ආසාදිතයින් සහ කොරෝනා මරණ පිළිබඳ අවධානය යොමුකර, නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේ ද නැද් ද යන තීරණයට එළඹෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

මේ අතර,නිරෝදායන නීති රීති කඩ කිරීම සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ, පුද්ගලයින් 626 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව නිරෝධායන නීති රීති කඩ කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට පත් වී ඇති ගණන 59,621 දෙනෙක්.

බස්නාහිර පළාත තුළ ස්ථාපිත කොට ඇති මාර්ග බාධක 13කින් බස්නාහිර පළාතට ඇතුළු වූ වාහන 307ක් සහ පුද්ගලයින් 515ක් පරීක්ෂා කර ඇති අතර, පරීක්ෂා කරන ලද බස්නාහිර පළාතින් පිට වූ වාහන ගණන 302ක්.

බස්නාහිර පළතෙන් පිට වූ පුද්ගලයින් 580 දෙනෙකු ද පොලිසියේ පරීක්ෂාවට ලක් වී තිබෙනව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්‍යාලය දැනුම් දෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04