කොවිඩ් මරුවා ගැන ඇසුණු අසුබ ආරංචියක්

කෝවිඩ් ආසාදිත කාන්තාවක් මළ සිරුරක් ඥාතීන්ට මුදාහැර නිවසේ තැන්පත් කර තිබියදී අද (20දා) නැවත රෝහලට රැගෙනවිත් , නිරෝධායන නීතියට අනුව අවසන් කටයුතු සිදුකර ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව අදාළ මළසිරුර එම්බාම් කල කළුතර මල් ශාලාවක සේවකයින් සහ නිවැසියන් ඇතුළුව 12 දෙනකු නිරෝධායනය කිරීමට කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය කටයුතු කර තිබේ.

පොතුවිල ,මහ ගම්මැද්ද ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවක පසුගිය (18දා) මියගොස් ඇති අතර , ඇයගේ පීසීආර් පරීක්ෂණ වාර්තාව ලැබීමට මත්තෙන් මෘත දේහය ඥාතීන්ට භාරදී තිබේ .

අද (20දා) උදෑසන ලැබී ඇති පීසීආර් වාර්තාවට අනුව ඇයට කෝවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී තිබේ .

එබැවින් වහාම ක්‍රියාත්මක වූ රෝහල් කාර් යය මණ්ඩලය කළුතර සෞඛ්‍යය වෛද්‍ය විද්‍යායතනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් අදාල අවමගුල පැවැත්වෙන නිවසට යොමුකර දේහය නැවත රෝහලට රැගෙන ඒමට ක්‍රියාකර නිරෝධායන නීතියට අනුව කළුතර ප්‍රාදේශීය සභාවේ පොතුවිල ආදාහනාගාරයේ දී අවසන් කටයුතු සිදුකර තිබේ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10