රෝහල් පද්ධතියේ මහජන ඇමතුම් සහ සන්නිවේදන නිලධාරීන්ට විශේෂ පුහුණුවක්

මෙරට රෝහල් පද්ධතියේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන කේන්ද්‍රකර ගනිමින් මහජන ඇමතුම් පද්ධති නිවේදන කටයුතු පිළිබඳ වගකිවයුතු කාර්ය මණ්ඩල නිලධාරීන් පුහුණු කිරීමේ “Training of Responsible Officers on Public Address (PA) System Announcements in Hospitals and Health Institutions – 2026” තෙදින වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශ ශ්‍රවණාගාරයේ දී අද (08) ආරම්භ වුණා.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්, ජී.එම්. ජනක කිත්සිරි ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අතිරේක ලේකම් (පාලන) 3 හර්ෂනී සිරිනාම සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන්ගේ සහභාගීත්වයෙන් මෙම පුහුණු වැඩසටහනේ සමාරම්භය සනිටුහන් වුණා.

රෝහල්වල මහජන ඇමතුම් පද්ධතීන් වඩාත් විධිමත් හා ඵලදායී ලෙස මෙහෙයවමින් රෝහල් කාර්ය මණ්ඩලයට හා ප්‍රතිකාර සේවාවන් ලබාගැනීමට රෝහල් කරා පැමිණෙන ජනතාවට සෞඛ්‍ය පණිවුඩ හා නිවේදන වඩා නිවැරදිව, රසවත් මෙන්ම හරවත් අයුරින් ලබාදීම තහවුරු කිරීම මෙම පුහුණු වැඩසටහනේ අරමුණ සහ බලාපොරොත්තුවයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය, අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය සමඟ එක්ව සංවිධානය කරනු ලබන දින 03 ක මෙම විශේෂ පුහුණු වැඩසටහනට දිවයිනේ ප්‍රධාන රෝහල් සහ සෞඛ්‍ය ආයතන 20 ක් සම්බන්ධ කර ගැනීමට කටයුතු යොදා තිබුණා.

ඒ අනුව, එක් රෝහලකින් අවම වශයෙන් ක්ෂේත්‍රයේ නිරත නිලධාරීන් 50 දෙනෙක් සම්බන්ධකර ගනිමින් පැවැති මෙම පුහුණු වැඩසටහනට විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සහකාරවරුන්, කාර්යාල කාර්ය සහායකයින්, සෞඛ්‍ය කාර්ය සහායකයින්, දුරකථන ක්‍රියාකරුවන් සහ පිළිගැනීමේ නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීන් 10 ක් නියෝජනය කරමින් කාර්ය මණ්ඩල එක්ව සිටීම ද විශේෂත්වයක්.

ප්‍රවීණ මාධ්‍යවේදීන්, සෞඛ්‍ය විශේෂඥයින් සහ ශබ්ද ඉංජිනේරුවන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණ දේශක මඩුල්ලක් විසින් මෙහිදී සහභාගිවන්නන් වෙත න්‍යායික දැනුම ලබා දීමට නියමිතයි.

ඊට අමතරව, රාජ්‍ය සහ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතන පහක් කේන්ද්‍ර කරගනිමින් ප්‍රායෝගික පුහුණුව ලබා දීමටද කටයුතු සූදානම් කර තිබෙනවා.

දියුණු සන්නිවේදන ක්‍රමවේද ලොව භාවිතා කරන යුගයක මෙම විධිමත් පුහුණු වැඩසටහන ඉතා කාලෝචිත වැඩසටහනක් වන බවත් එදිනෙදා සියළු කටයුතු සිදූ කර ගැනීමට සන්නිවේදනය ප්‍රධානතම අවශ්‍යතාවයක් වන බව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන සෞඛ්‍ය ලේකම්, ජී.එම්. ජනක කිත්සිරි ගුණවර්ධන පැවසුවා.

සියළු රාජ්‍ය ආයතනවල මහජන ඇමතුම් පද්ධති මගින් ජනතාවට පණිවුඩ ලබාදෙන විට ජනතාවට පණිවිඩය ඇගට දැනෙන, තේරුම් ගත හැකි, කෙටි සහ ආකර්ෂණීයභාවයෙන් යුක්ත විය යුතු බවත්, මෙම පුහුණුව මගින් එම ඉලක්ක සපුරා ගත හැකි වනූ ඇති බව ද ඔහු සඳහන් කළා.

සන්නිවේදන මාධ්‍ය භාවිතයේ දී සීමාවන්ට යටත්ව සංයමයෙන් මාධ්‍ය හැසිරවීමට කටයුතු කළ යුතු බව ද, භාවිතාකරණ උපකරණ අවශ්‍යතාවය පිළිබඳව එම උපකරණවල දැනුවත්භාවය ද ඉතා වැදගත් වන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මෙම පුහුණු වැඩසටහන හරහා ප්‍රධාන රෝහල් ආශ්‍රිතව ශක්තිමත් මෙන්ම උද්‍යෝගිමත් සන්නිවේදන පද්ධතියක් ගොඩනගා, මහජනතාව වෙත සමීප වන සෞඛ්‍ය සන්නිවේදන ක්‍රියාවලිය වඩාත් විධිමත්, ආකර්ෂණීය සහ අපූර්ව එකක් බවට පත් කිරීම මෙහි දිගුකාලීන අරමුණක්.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) II චාමික එච්. ගමගේ ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46