කොවිඩ් නැවත හිස ඔසවයි !

කොවිඩ් රෝගය උත්සන්න වීමෙන් දින දෙකක් තුළ පුද්ගලයන් දෙදෙනෙක් මිය ගිය බව කොළොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායක මහත්මිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ 56 හැවිරිදි කාන්තාවක් සහ යටියන්තොට පනාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

කාන්තාව පසුගිය 27 වනදා අයි. ඩී. එච්. රෝහලට ඇතුළත් කර ඇති අතර පසුදින (28) මියගොස් තිබූ බව සඳහන්.

28 වනදා රෝහල් ගතවූ පිරිමි පුද්ගලයා 29 වැනි දින මිය ගොස් තිබූ බවයි හදිසි මරණ පරීක්ෂකවරිය ප්‍රකාශ කර ඇත්තේ.

කොව්ඩ් සමාජය පුරා යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පැන නැගී ඇති බවත් විශේෂයෙන් මුඛ ආවරණ පැළඳ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම වඩා යෝග්‍ය බව හදිසි මරණ පරීක්ෂකවරිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අයි. ඩි. එච්. රෝහලේ මේ වන විට කොවිඩ් රෝගය වැළඳුණු රෝගීන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන අතර කාර්ය මණ්ඩලයටද කොවිඩ් රෝගය වැළදී ඇති බවට වාර්තා වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (29) දිනයේ මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 5 දෙනෙකු හඳුනා ගැණුනු අතර මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 672164ක් ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17