spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොල්කටාවට ඊයේ රෑ ජයගෙන ආ හර්ෂිත් රානාට ලොකු දඬුවමක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (24) රාත්‍රියේ පැවති තරගය තියුණු සටනකින් පසු ජයගන්නට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

කොල්කටා කණ්ඩායම මෙම තරගය ජයගත්තේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 04කින් පරාජය කරමින්.

අවසන් පන්දුවාරයේ දී මෙම තරගයේ ජයග්‍රහණය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ගෙන ඒමට පුරෝගාමියා වූ වේග පන්දුයවන ක්‍රීඩක හර්ෂිත් රානාට දඬුවම් පමුණුවන්නට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහු අයි.පී.එල්. ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝණය කිරීමක් සම්බන්ධයෙන්.

මෙහිදී ඔහුට ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 60ක දඩයක් පැනවීමටයි කටයුතු කර ඇත්තේ.

ඊයේ තරගයේ දී මායන්ක් අගර්වාල්ගේ දැවීයාමෙන් පසු හර්ෂිත් ඔහුට දැක්වූ අයහපත් ප්‍රතිචාරය සම්බන්ධයෙන් සහ හෙන්රිච් ක්ලාසන්ට පිටිය මැද දී දැක්වූ අයහපත් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් ඔහුට මෙම දඩ මුදල පනවා තිබෙනවා.

මෙම තරුණ ක්‍රීඩකයා සන්රයිසස් කණ්ඩායමට එරෙහි තරගයේ තරග ජයග්‍රාහකයා බවට පත් වුවත්, ඔහුගේ හැසිරීම බොහෝ දෙනා කලකිරීමට පත් කළ සිදුවීමක් වුණා.

හර්ෂිත් රානා ඊයේ (23) තරගයේ දී ඔහුගේ පන්දුවාර 04 තුළ ලකුණු 33ක් ලබාදෙමින් හයිද්‍රාබාද් ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
6
+1
1
+1
2
+1
1
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?