කොරෝනා අස්සේ අයහපත් කාලගුණයෙන් ජීවිත 20ක් බිලි ගනියි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වූ විවිධ ආපදා හේතුවෙන් තවත් මරණ 4ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව පසුගිය මස 27 වන දා සිට මේ දක්වා කාලය තුළ දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති මුළු මරණ සංඛ්‍යාව 20ක්.

කුරුණෑගල – උඩුබද්දාව ප්‍රදේශයේ සැඬ පහරකට හසුවී පුද්ගලයින් දෙදෙනෙකු ද අතුරුදන් වී සිටි අතර ඔවුන්ගේ සිරුරු අද (10) උදෑසන සොයාගෙන තිබෙනවා.

මීට අමතරව කුරුණෑගල – රිදීගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් ඊයේ රාත්‍රියේ එහි සිටි අඹු – සැමි යුවළක් ජීවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම, කෑගල්ල – ගලිගමුව – හත්නාගොඩ ප්‍රදේශයෙන් ද අද අලුයම තවත් ආපදාවක් වාර්තා වුණා.

නිවසක් නාය යාම හේතුවෙන් එහි සිටි එකම පවුලේ මව, පියා සහ පුතා ඊට යටවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ. කෙසේ වෙතත්, මව බේරාගෙන ඇති අතර පියා සහ පුතු සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48