කොරෝනා අස්සේ අයහපත් කාලගුණයෙන් ජීවිත 20ක් බිලි ගනියි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වූ විවිධ ආපදා හේතුවෙන් තවත් මරණ 4ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව පසුගිය මස 27 වන දා සිට මේ දක්වා කාලය තුළ දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති මුළු මරණ සංඛ්‍යාව 20ක්.

කුරුණෑගල – උඩුබද්දාව ප්‍රදේශයේ සැඬ පහරකට හසුවී පුද්ගලයින් දෙදෙනෙකු ද අතුරුදන් වී සිටි අතර ඔවුන්ගේ සිරුරු අද (10) උදෑසන සොයාගෙන තිබෙනවා.

මීට අමතරව කුරුණෑගල – රිදීගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් ඊයේ රාත්‍රියේ එහි සිටි අඹු – සැමි යුවළක් ජීවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම, කෑගල්ල – ගලිගමුව – හත්නාගොඩ ප්‍රදේශයෙන් ද අද අලුයම තවත් ආපදාවක් වාර්තා වුණා.

නිවසක් නාය යාම හේතුවෙන් එහි සිටි එකම පවුලේ මව, පියා සහ පුතා ඊට යටවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ. කෙසේ වෙතත්, මව බේරාගෙන ඇති අතර පියා සහ පුතු සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29
Video thumbnail
ආණ්ඩුව අංශ 360ක්ම හැරුණු හැටි ජගත් විතාන කියයි
03:02
Video thumbnail
උ.පෙළට මුහුණ දීමට සිටි දියණිය නිදි යහනෙම එළොව ගිහින්..රටම කම්පා කළ ඛේදනීය පුවත
01:32


?