කොරියානු භාෂා පරීක්ෂණයට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට

කොරියානු භාෂා පරීක්ෂණය සඳහා වන ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (26) සිට 29 වනදා දක්වා පමණක් මාර්ග ගත ක්‍රමයට සිදු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරනවා.

නිෂ්පාදන, ධීවර,නැව් සහ ඉදිරිකිරීම් කර්මාන්ත සඳහා ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන අයට කොරියානු භාෂා පරීක්ෂණයට ඉදිරිපත්වීමේ හැකියාව පවතිනවා.

වයස අවුරුදු 18 – 39ත් අතර අයෙකු වීම, කොරියානු රජයෙන් ආපසු හරවා එවා හෝ නෙරපූ අයෙකු නොවීම, අධිකරණයකින් වරදකරු වී දඩ මුදලක් හෝ සිරදඩුවම් නියම වී නොතිබීම, ඊ 09 හෝ ඊ 10 යන කාණ්ඩ යටතේ වසර 05 කට
වැඩි කාලයක් කොරියාවේ සේවය කළ නොමැති අයෙකු වීම මේ සඳහා සලකාබලන සුදුසුකම් වනවා.

විභාග ප්‍රවේශ පත්‍රය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන අය සතුව අවම මාස 03ක වලංගු කාලයක් සහිත විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූපය ඇතුළු කොටස ස්කෑන් පිටපතක් සහ මාස 03ක් ඇතුළත ලබාගත් සෙන්ටි මීටර් 3.5 සහ
සෙන්ටි මීටර් 4.5ක සුදු පැහැති පසුබිම සහිත ස්කෑන් කරන ලද වර්ණ ඡායාරූපයක් ද සූදානම් කර ගෙන සිටිය යුතු වනවා.

විභාග ප්‍රවේශ පත්‍ර ගාස්තුව වශයෙන් ඩොලර් 28කට සමාන අවම රුපියල් 8,887ක මුදලක් ජාතික ඉතිරිකිරීමේ, ලංකා හෝ මහජන බැංකුවකට ගෙවීම් කර අදාළ රිසිට් පත උඩුගත කිරීම සඳහා සූදානම් කර ගෙන සිටිය යුතු බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් වන වැඩි විස්තර www.slbfe.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ කවදාවත් නැති තරමට මේ ආණ්ඩුව පාර්ලිමේන්තු කැන්ටිමෙන් කනවා
02:05
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - වැඩක් කරගන්න බෑ
02:55
Video thumbnail
22වන සංශෝධනය පැලවත්තට වාසි, රටට අවාසි
11:08
Video thumbnail
නාමල් හොඳටම බයවෙලා - හීන් දාඩිය දානවා, නරක හීන පේනවා
05:20
Video thumbnail
රන්දෝලි මහා පෙරහැරට පෙර "වාසනා" බුදුන් වඳී..
01:40
Video thumbnail
මල් පැල යවපු එකේ ප්‍රතිඵල - ක්ලීන් ශ්‍රී ලංකා දිවුලපිටියට නැද්ද..?
09:57
Video thumbnail
අඩි 300ක ප්‍රපාතයකට වැටුණු මනුස්සයාගේ දේහය ගොඩගන්න ලොකු මෙහෙයුමක්
02:00
Video thumbnail
ගල්කිස්ස වෙ# තැබීමේ CCTV දර්ශන මෙන්න
01:27
Video thumbnail
අඟුලාන මුහුදේ අතුරුදන් වූ නාවිකයාව සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි
02:17
Video thumbnail
අපිට පාරේ යන්න බෑ, හැම ඉස්කෝලෙටම කළින් හිටපු යාළුවාගේ නම ගහලා
04:31