ඕස්ට්‍රේලියාව පරදා බංග්ලාදේශයට ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන ටෙස්ට් තරග ජයක්

ඕස්ට්‍රේලියාව පරදා ඉතිහාසගත ටෙස්ට් තරග ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකියාව ලැබුණා.

ඩාවින් හිදී පැවති මෙම ටෙස්ට් තරගය ඕස්ට්‍රේලියාව පරාජය කරමින් බංග්ලාදේශ කණ්ඩායම ජයගත්තේ කඩුලු 09කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 198ක්

ඊට පිළිතුරු ලෙස බංගලාදේශ කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 426ක දැවැන්ත ලකුණු පුවරුවක් නිරිමාණය කළා.

අනතුරුව බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 228ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 284ක් පමණයි.

ඒ, අනුව මෙම තරගය ජයගැනීමට බංග්ලාදේශයට හිමි වූ ඉලක්කය ලකුණු 57ක්.

එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය බංග්ලාදේශ කණ්ඩායම අද සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ, සුවිශේෂී ජයක් වාර්තා කළා.

බංග්ලාදේශ කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව පරදා ටෙස්ට් තරගයක් ජයගත් දෙවන අවස්ථාව මෙය වන අතර, 2023 වසර දක්වා දිවයන බංග්ලාදේශ – ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බංග්ලාදේශ කණ්ඩායම ඕස්ට්‍රේලියාව තුළ දී ටෙස්ට් තරගයක් ජයගත් පළමු අවස්ථාව මෙය ලෙසටයි ඉතිහාසයට එක්වන්නේ.

ඩාවින් හිදී පැවති මෙම තරගය ජය ගැනීමත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස බංග්ලාදේශය පෙරමුණ ගත්තා.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායම ජාත්‍යන්තර ටෙස්ට් තරගයක දී මීට පෙර ඕස්ට්‍රේලියාව පරාජය කර තිබුණේ 2017 වසරේ අගොස්තු මාසයේදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40