spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොරියානු භාෂා පරීක්ෂණයට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට

කොරියානු භාෂා පරීක්ෂණය සඳහා වන ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (26) සිට 29 වනදා දක්වා පමණක් මාර්ග ගත ක්‍රමයට සිදු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරනවා.

නිෂ්පාදන, ධීවර,නැව් සහ ඉදිරිකිරීම් කර්මාන්ත සඳහා ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන අයට කොරියානු භාෂා පරීක්ෂණයට ඉදිරිපත්වීමේ හැකියාව පවතිනවා.

වයස අවුරුදු 18 – 39ත් අතර අයෙකු වීම, කොරියානු රජයෙන් ආපසු හරවා එවා හෝ නෙරපූ අයෙකු නොවීම, අධිකරණයකින් වරදකරු වී දඩ මුදලක් හෝ සිරදඩුවම් නියම වී නොතිබීම, ඊ 09 හෝ ඊ 10 යන කාණ්ඩ යටතේ වසර 05 කට
වැඩි කාලයක් කොරියාවේ සේවය කළ නොමැති අයෙකු වීම මේ සඳහා සලකාබලන සුදුසුකම් වනවා.

විභාග ප්‍රවේශ පත්‍රය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන අය සතුව අවම මාස 03ක වලංගු කාලයක් සහිත විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූපය ඇතුළු කොටස ස්කෑන් පිටපතක් සහ මාස 03ක් ඇතුළත ලබාගත් සෙන්ටි මීටර් 3.5 සහ
සෙන්ටි මීටර් 4.5ක සුදු පැහැති පසුබිම සහිත ස්කෑන් කරන ලද වර්ණ ඡායාරූපයක් ද සූදානම් කර ගෙන සිටිය යුතු වනවා.

විභාග ප්‍රවේශ පත්‍ර ගාස්තුව වශයෙන් ඩොලර් 28කට සමාන අවම රුපියල් 8,887ක මුදලක් ජාතික ඉතිරිකිරීමේ, ලංකා හෝ මහජන බැංකුවකට ගෙවීම් කර අදාළ රිසිට් පත උඩුගත කිරීම සඳහා සූදානම් කර ගෙන සිටිය යුතු බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් වන වැඩි විස්තර www.slbfe.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?