ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,000 ඉක්මවා යයි

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,011 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

මේ වනවිට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් 52.96%ක් එනම් රෝගීන් 48,725ක් බස්නාහිර පළාතෙන් වාර්තා වනවා.

දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු පළාතෙන් වන අතර, එම රෝගීන් ගණන 13,533ක් ලෙස දැක්වෙන්නේ.

එමෙන්ම මධ්‍යම පළාතෙන් ඩෙංගු රෝගීන් 8,274 දෙනෙක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 7,558ක් වාර්තා වී තිබෙනවා.

දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේ දී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ.

ඒ, අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 19,631 දෙනෙක් වාර්තා වී ඇති අතර, දිස්ත්‍රික් මට්ටමින් දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 18,245ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,613 දෙනෙක් වාර්තා වනවා.

මේ අතර මෙම වසර තුළ දී වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 68ක් ලෙසයි දැවෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10