කොම්පඤ්ඤවීදියේ නම වෙනස් වෙයි

“කොම්පඤ්ඤවීදිය” සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම එකම නමකින් හැඳින්වීමට පියවර ගන්නා ලෙසට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අදාළ අංශ වෙත දැනුම්දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට, තැපැල්පතිවරයාට සහ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාට යොමු කළ ලිපියක් මගිනුයි මේබව ප්‍රකාශකර ඇත්තේ.

එම ලිපියේ දැක්වෙන්නේ කොළඹ 2 කොම්පඤ්ඤවීදිය ප්‍රදේශය ආශ්‍රිතව මාර්ග පුවරු, තැපැල් භාවිතාව, වරිපනම් හා ඡන්ද නාම ලේඛණ යනාදියේ කටයුතු කිරීමේදී සිංහල හා දමිළ භාෂාවලින් කොම්පඤ්ඤවීදිය ලෙස භාවිත කළ ද ඉංග්‍රීසි භාෂාවෙන් භාවිත කිරීමේදී වෙනත් අදහසක් අරුත් ගන්වන “Slave Island” යන පැරණි නාමකරණය තවමත් එලෙසින්ම භාවිත වීම පිළිබඳ අගමැතිවරයාගේ අවධානයට යොමුවී ඇති බවයි.

එබැවින් 75 වන නිදහස් දිනයට සමගාමීව කඩිනමින්ම යටත් විජිත සමයේ භාවිත වූ නමකික් හැඳින්වීම වෙනුවට සිංහල හා දමිළ භාෂාවලින් නිවැරදිව භාවිත වන පරිදි කොම්පඤ්ඤවීදිය යන නාමකරණය ඉංග්‍රීසි භාෂාවෙන් ද නිවැරදිව පරිවර්ථනය කරමින් භාවිත කිරීම සහිතක කරන ලෙසට දැනුම් දෙනවා.

මහජන සේවා සැපයීමේදී මින් ඉිදරියට නිවැරදිව සියලුම රාජ්‍ය ලිපි ලේඛණවල, වීදි නාමකරණය, තැපැල් ලිපිනයන් හා කේත අංක භාවිතාව, ඡන්ද නාම ලේඛණ, වරිපනම් හා බදු ලේඛණ යනාදී භාවිතාවන්ට අදාළව නිසි සංශෝධනයන් කිරීමට කඩිනමින්ම පියවර ගන්නා ලෙසටයි අගමැති ලේකම්වරයා අදාළ අංශවලට දන්වා ඇත්තේ.

නිදහස් දිනයට සමගාමීව අදාළ සංශෝධන කටයුතු සිදු කරන ලෙසට ද ඉල්ලීමක් කර තිබෙනවා.

ඉංග්‍රීසි, ලංදේසි, ඕලන්ද, පෘතුගීසි පාලන සමයන්වලදී කොම්පඤ්ඤවීදියේ දූපතක පුද්ගලයන් වහලුන් ලෙස ගාල් කර තිබූ බැවින් එය වහල් දූපතක් ලෙස නම් වී තිබෙනවා.

එබැවින්,ඉංග්‍රීසි භාෂාවෙන් එම නම ” SLAVE ISLAND” ලෙස විදේශිකයන් විසින් භාවිතා කළ බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ.

Slave Island1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව බලය අල්ලපු නිසා නලින් බණ්ඩාරට ප්‍රෙෂර් වැඩිවෙයි
02:46
Video thumbnail
ජනපති සමාව සහ කුමන්ත්‍රණයක සේයාව - දසත කස්තිරම විශේෂ වැඩසටහන - සජීවීව
00:00
Video thumbnail
නීතිය අවභාවිතා කරලා තියෙන්නෙ - බන්ධනාගාරය් ඇතුලේ කරන් ගිය මාෆියාව මාට්ටු
09:16
Video thumbnail
අතුලට අයිති ලියුම අධිකරණයට ගියොත් ඔක්කොම සෙල්ලම් ඉවරයි
01:24
Video thumbnail
රටක්ම කළඹවන පුවත මෙන්න - වෙසක් දා අතුල කියලා කෙනෙක් හිරෙ හිටියේ නෑ
08:09
Video thumbnail
සුගීෂ්වර මහා පාර මැද පන්දමක් අරන් ඩෙගා නටයි
11:24
Video thumbnail
ව්‍රායි බොරුවට දැඟලුවට නගරාධිපති වෙන්නේ විපක්ෂයේ කෙනෙක්
03:11
Video thumbnail
අගමැති හරිනි ඉදිරිපිටNPP කොළඹ සෙට් එක විපක්ෂයට මීක් නැතිවෙන්නම දීපු දිවුරුම් දීම
12:10
Video thumbnail
කොල්ලො ෆයර් වෙයි - ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි
11:08
Video thumbnail
ආන්දෝලනාත්මක හඬපටයක් එක්ක හෙළිදරව්වක් මාධ්‍ය හමුව අතරතුර එළියට ආපු දේවල්
11:40


?