කොම්පඤ්ඤවීදියේ නම වෙනස් වෙයි

“කොම්පඤ්ඤවීදිය” සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම එකම නමකින් හැඳින්වීමට පියවර ගන්නා ලෙසට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අදාළ අංශ වෙත දැනුම්දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට, තැපැල්පතිවරයාට සහ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාට යොමු කළ ලිපියක් මගිනුයි මේබව ප්‍රකාශකර ඇත්තේ.

එම ලිපියේ දැක්වෙන්නේ කොළඹ 2 කොම්පඤ්ඤවීදිය ප්‍රදේශය ආශ්‍රිතව මාර්ග පුවරු, තැපැල් භාවිතාව, වරිපනම් හා ඡන්ද නාම ලේඛණ යනාදියේ කටයුතු කිරීමේදී සිංහල හා දමිළ භාෂාවලින් කොම්පඤ්ඤවීදිය ලෙස භාවිත කළ ද ඉංග්‍රීසි භාෂාවෙන් භාවිත කිරීමේදී වෙනත් අදහසක් අරුත් ගන්වන “Slave Island” යන පැරණි නාමකරණය තවමත් එලෙසින්ම භාවිත වීම පිළිබඳ අගමැතිවරයාගේ අවධානයට යොමුවී ඇති බවයි.

එබැවින් 75 වන නිදහස් දිනයට සමගාමීව කඩිනමින්ම යටත් විජිත සමයේ භාවිත වූ නමකික් හැඳින්වීම වෙනුවට සිංහල හා දමිළ භාෂාවලින් නිවැරදිව භාවිත වන පරිදි කොම්පඤ්ඤවීදිය යන නාමකරණය ඉංග්‍රීසි භාෂාවෙන් ද නිවැරදිව පරිවර්ථනය කරමින් භාවිත කිරීම සහිතක කරන ලෙසට දැනුම් දෙනවා.

මහජන සේවා සැපයීමේදී මින් ඉිදරියට නිවැරදිව සියලුම රාජ්‍ය ලිපි ලේඛණවල, වීදි නාමකරණය, තැපැල් ලිපිනයන් හා කේත අංක භාවිතාව, ඡන්ද නාම ලේඛණ, වරිපනම් හා බදු ලේඛණ යනාදී භාවිතාවන්ට අදාළව නිසි සංශෝධනයන් කිරීමට කඩිනමින්ම පියවර ගන්නා ලෙසටයි අගමැති ලේකම්වරයා අදාළ අංශවලට දන්වා ඇත්තේ.

නිදහස් දිනයට සමගාමීව අදාළ සංශෝධන කටයුතු සිදු කරන ලෙසට ද ඉල්ලීමක් කර තිබෙනවා.

ඉංග්‍රීසි, ලංදේසි, ඕලන්ද, පෘතුගීසි පාලන සමයන්වලදී කොම්පඤ්ඤවීදියේ දූපතක පුද්ගලයන් වහලුන් ලෙස ගාල් කර තිබූ බැවින් එය වහල් දූපතක් ලෙස නම් වී තිබෙනවා.

එබැවින්,ඉංග්‍රීසි භාෂාවෙන් එම නම ” SLAVE ISLAND” ලෙස විදේශිකයන් විසින් භාවිතා කළ බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ.

Slave Island1
  1. Hammata ud athi yaaantha. Apita maaaara dawena prashnayak wela thibune oka. Apr sath gunawath Akamathi thuma eyale palamu nila rajakariya lesa meka kaleyi eka eyi tharamma loku prashanyak nisa wenna athi. me moda !@#$R%T^Y&U inne mona loke dha kiyala penawa neh.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32