කපිලට ඇප තියපු එක්කෙනෙක්ට එන්න කියලා තියෙන්නේ අරවින්ද – මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී හෙළිවෙයි

තමන් කපිල චන්ද්‍රසේන වෙනුවෙන් ඇප තැබීමට පැමිණියේ අරවින්ද ද සිල්වාගේ ඉල්ලීමක් මත බව රොහාන් චමිල් අමරදාස නැමති ඇපකරු අද අධිකරණයේ දී සඳහන් කළා.

සැකකටයුතු ලෙස මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය අද (22) හතරවැනි දිනටත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම කරුණු අනාවරණය වුණා.

සාක්ෂි සටහන් කර ගැනීම කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සිදුවුණා.

“පසුගිය හය වනදා මම මියගිය කපිල චන්ද්‍රසේනට අලුත්කඩේ උසාවියේ දී ඇප තැබුවා. මම අරවින්ද මහත්තයව කාලයක් තිස්සේ හඳුනනවා. අරවින්ද මහත්තයා මැයි පස්වනදා මට කතා කළා. ‘චමිල් මට ලොකු උදව්වක් ඕන. ඇපයක් අත්සන් කරන්න තියෙනවා. ග්‍රාම නිලධාරී සහතිකයකුත් අරගෙන එන්න පුළුවන්ද’ කියලා කිව්වා. පසුව මම ග්‍රාම නිලධාරී සහතිකයකුත් අරගෙන අරවින්ද මහත්තයට කෝල් කළා. පසුව කිව්වා පහුවදා උදේට එයාගේ ගෙදර එන්න කියලා. පසුදා මම ඔහුගේ ගෙදරට ගියා. පසුව ඔහුගේ වාහනයෙන් අලුත්කඩේ උසාවියට ගොස් ඇප තැබුවා.” යනුවෙන් ඔහු පැවසුවා.

අරවින්ද ද සිල්වාගේ නිවසේදී මියගිය කපිල චන්ද්‍රසේන හමුවූ ආකාරය ගැන ද ඔහු අධිකරණයේ දී විස්තර කළා.

“පසුගිය හත් වනදා අරවින්ද මහත්තයා මට කතා කළා. කතා කරලා කිව්වා ලෝයර් හම්බවෙන්න යන්න ඕන එන්න කියලා. පස්සේ හවස මම අරවින්ද මහත්තයාගේ ගෙදරට ගියා. පසුව අපි ලෝයර්ව හම්බෙන්න ගියා. රාත්‍රී ආපසු අරවින්ද මහත්තයාගේ නිවසට අපි ආවා. ඔවුන් කෑම කාල යන්න කිව්වා. ඒ අවස්ථාවේ දී කපිල චන්ද්‍රසේන මහත්තයා උඩ තට්ටුවේ සිට බිමට බහිනවා මම දැක්කා. ඇවිල්ලා කෑම මේසෙ වාඩිවුණා. අරවින්ද මහත්තයා අපිව පෙන්නලා කිව්වා මේ අය තමයි ඔයාට ඇප තිබ්බේ කියලා.” යනුවෙන් ඔහු සඳහන් කළේය.

ඒ අවස්ථාවේදී “තැන්ක්ස් චමිල්” යනුවෙන් කපිල චන්ද්‍රසේන තමන්ට ස්තූති කළ බව ද සාක්ෂිකරු පැවසුවා.

ඉන් අනතුරුව අරවින්ද ද සිල්වාගේ කාර්යාලයේ සේවය කරන පෙරුමාල් ගනේෂ් නමැත්තෙකු ද සාක්ෂි ලබා දුන්නා.

ඔහු සඳහන් කළේ අරවින්ද ද සිල්වාගේ දැනුම්දීමකට අනුව තමන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් කපිල චන්ද්‍රසේනට රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයත් තැන්පත් කිරීමට කටයුතු කළ බවයි.

“ඇප තැබීමෙන් පස්සේ මම කපිල චන්ද්‍රසේන මහත්තයාව අරවින්ද මහත්තයාගේ නිවසට එක්ක ගියා. ඉන්පසුව මම කාර්යාලයට ගියා. පසුව 07 වැනිදා දවල් අරවින්ද මහත්තයා මට කිව්වා කපිල චන්ද්‍රසේන මහත්තයා පදිංචිව සිටි බාන්ස් පෙදෙසේ නිවසට ගිහිල්ලා ඇප තැබූ රුපියල් ලක්ෂ 05ක මුදල ඔහු ආපසු දෙයි, ඒක අරන් එන්න කියලා. පස්සේ දවල් 2.15 පමණ මම කපිල චන්ද්‍රසේන මහත්තයාගේ නිවසට ගියා. ඒ ගෙදර හිටපු වැඩ කරන කට්ටියට මම කිව්වා කපිල මහත්තයව හම්බෙන්න ඕන කියලා. පස්සේ මම උඩ තට්ටුවට ගිහින් හමුවුණා. පසුව කපිල චන්ද්‍රසේන මහත්තයා කිව්වා රුපියල් ලක්ෂ පහක මුදල ළඟ තිබෙන බැංකුවකින් අරන් දෙන්නම් කියලා. ඒ වෙලාවෙම කෝල් එකක් ආවා. ඊට පස්සේ කපිල මහත්තයා කිව්වා මාව ආයෙත් ඇරස්ට් කරන්න යනවා කියලා. පස්සේ මම කිව්වා සර් මට පරක්කු වෙනවා. මට තව වැඩ තියෙනවා මම යන්නම් කියලා. ඔෆිස් එකට ඇවිල්ලා ඒක දෙන්න කියලා මම එම ස්ථානයෙන් පිටව ගියා.” යනුවෙන් කියා සිටියා.

ඉන් අනතුරුව තවත් සාක්කිකරුවන් දෙදෙනෙකුගෙන්ද සාක්ෂි සටහන් කර ගත් අතර, ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 26 වනිදා කැඳවීමට අධිකරණය නියම කළා.

  1. ඇරවින්ද ගෙ සයිඩ් බිස්නස් එකක් වෙන්න ඇති හොර ඇප කාරයො ඉදිරිපත් කරන එක.. ඒක වෙනම run කරන කොම්පැනි එකක් වෙන්න ඇති..
    ඇයි තාමත් ඇරවින්දව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්නෙ නැත්තෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14