ගමට මල්ශාලාවක් එපා කියා ගම්වාසීන් පිරිසක් විරෝධතාවයක

එප්පාවල, හුරිගස්වැව ප්‍රදේශයේ විවෘත කිරීමට නියමිත අවමංගල්‍ය ශාලාවකට (මල්ශාලාවකට) විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් විසින් අද (17) නිහඬ විරෝධතාවයක නිරත වුණා.

තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එප්පාවල, හුරිගස්වැව ගම්මානයේ පිහිටි හුරිගස්වැව වැවට මායිම්ව, එප්පාවල – තඹුත්තේගම ප්‍රධාන පාරට මුහුණ ලා පිහිටි ඉඩමක මෙම අවමංගල්‍ය ශාලාව ආරම්භ කිරීමට සූදානම් කර තිබෙනවා.

ඒ සඳහා වන ගොඩනැඟිල්ල ද මේ වනවිට අර්ධ වශයෙන් ඉදිකර අවසන්.

හුරිගස්වැව වැව කේන්ද්‍ර කර ගනිමින් තම ගම්මානය නිර්මාණය වී ඇති බවත්, වැව ආසන්නේ මල්ශාලාවක් ඉදිකර මෘත දේහයන්ගේ එහි අවමංගල කටයුතු සඳහා සකස් කිරීමේ දී ඒවායේ අපද්‍රව්‍ය වැවට එකතු විය හැකි බවට විරෝධත්වයේ නිරත ප්‍රදේශවාසීන් පවසනවා.

එමෙන්ම මල්ශාලාව තුළ අවමංගල්‍යයක් සඳහා මෘත දේහ සකස් කරන තුරු ඥාතීන් සහ හිතවතුන් ඒ අසල රැදී සිටිමින් මත්පැන් පානය කිරීම තුළින් අවට නිවෙස්වලට ද බාධා සිදුවිය හැකි බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් අවධානය යොමු කර මෙම ස්ථානයේ අවමංගල්‍ය ශාලාවක් ආරම්භ කිරීමට අවස්ථාව ලබා නොදෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මෙහිදී විරෝධතාවයේ නිරත ප්‍රදේශවාසීන් විසින් අත්සන් ලබා ගත් පෙත්සම ද අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කරන බව ඔවුන් පැවසුවා.

  1. ඕකේ වීඩියෝ එක බැලුවා මම😂ගමේ ඉන්න මහ ජෙප්පා තමා ඕකට විරුද්ධ 😂ගමේ ඉන්න ලොකුම කුහක පොන්නයා ඕකා😂හෙනම ගහපන් හුත්තිගේ පුතාට😂



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18