කොන්දේසි විරහිත ව යටත් වන ලෙස ට්‍රම්ප් ඉරානයෙන් ඉල්ලා සිටියි

ඊශ්‍රායල – ඉරාන යුද්ධය කොන්දේසි විරහිතව යටත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා සිටිනවා.

රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ මැදපෙරදිග යුද්ධයේ සයවැනි දිනය වන අද (18) දිනයේ දී ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි.

ඉරානය කොන්දේසි විරහිතව යටත් වන ලෙස අමෙරිකාව කළ ඉල්ලීම දෙපාර්ශ්වය ම නොතැකූ බව ද වාර්තා වනවා.

අද උදෑසන පළමු පැය දෙක තුළ ඊශ්‍රායලය දෙසට ඉරාන මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පැවසූ බවත් රොයිටර්ස් පුවත් සේවය තහවුරු කර තිබෙනවා.

මෙම පිපිරුම් සියල්ලම ටෙල් අවිව් මාර්ගයෙන් ඇසුණු බවයි පැවසෙන්නේ.

එක්සත් ජනපදයේ ඉවසීම ඉතාමත් අඩු බවත්, ඉරාන නායකයා ඝාතනයේ බලාපොරොත්තුවක් නැති බව ද ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා.

එහෙත් ට්‍රම්ප් තැබූ සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ;

“ඊනියා උත්තරීතර නායකයා සැඟවී සිටින්නේ කොහේද කියා අපි හරියටම දන්නවා, අපි ඔහුව එළියට ගන්න යන්නේ නැහැ (මරන්න!), අවම වශයෙන් දැනට නොවේ … අපගේ ඉවසීම සිහින් වෙමින් පවතිනවා..” යනුවෙන්

එම ප්‍රකාශයෙන් මිනිත්තු 03කට පසුව ට්‍රම්ප් මෙසේ පළ කර තිබෙනවා.

“UNCONDITIONAL SURRENDER!” යනුවෙන්.

ධවල මන්දිරයකු නිලධාරියෙක් මෙවන් පසුබිමක් තුළ ඊයේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ද දුරකථනයෙන් කතා කර ඇති බවයි වාර්තා වන්නේ.

මූලාශ්‍රය – reuters.com

WhatsApp Image 2025 06 18 at 09.50.18


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17