කෘෂිකාර්මික සහ වතුකරයේ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්

කෘෂිකාර්මික නවීකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගැටලුවලට මෙන්ම වතුකරයේ ජනතාව මුහුණ දී ඇති ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ (PRC) සාමාජිකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්.

ඉඩම් ගැටලුව ඇතුළු කෘෂිකර්මික ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳ මෙහිදී පුළුල්ව විමසා බැලුණු අතර, දැනට විසඳුම් ලබාදෙමින් තිබෙන මහවැලි ඉඩම් ගැටළුව පිළිබඳව ද අවධානය යොමු කෙරුණා.

එමෙන්ම වැවිලි සමාගම්වල ක්‍රියාකාරිත්වය පිළිබඳව ද මෙහිදී විමසා බැලූ බව සඳහන්.

ප්‍රාදේශීය වැවිලිකරුවන් මුහුණ දෙන ප්‍රධානම අභියෝගය වන්නේ ඉදිරි වසර 10 හෝ 15 තුළ ඔවුන්ගේ කල් බදු කාලසීමාව අවසන් වීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘෂිකාර්මික නවීකරණය සමඟ රජය ඉදිරියට යන්නේ නම් වැවිලි සමාගම් සඳහා අලුතින් කල් බදු පහසුකම ලබාදීමට සිදුවන බව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, සියලු සමාගම්වල ක්‍රියාකාරිත්වය ප්‍රශස්ත මට්ටමින් සිදු වී නොමැති බැවින් නව කල් බදු ලබාදීම සඳහා පදනමක් සකස් කරන ලෙසටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ සාමාජිකයින්ට උපදෙස් දුන්නේ.

වතු සමාගම්වල ක්‍රියාකාරීත්වය තක්සේරු කිරීම සහ නව කල්බදු ලබාදීමේ පදනම තීරණය කිරීම සඳහා 2018 වසරේ සිදු කරන ලද සමීක්ෂණය යාවත්කාලීන කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.

ඉඩම් ලබාදුන් පසු රජයේ අනුමැතියකින් තොරව තම කොටස් විකිණීමට වතු සමාගම්වලට ඉඩ නොතැබිය යුතු බව මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්මාන්තය, කෘෂි ව්‍යාපාර බවට නවීකරණය කිරීමේ ප්‍රයත්නයේ එක් අංගයක් ලෙස ඉඩම්වල මැණික් ගැරීම හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇති බව ද ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ අදහස් විමසීම ද සිදු කෙරුණා.

වතුකරයේ නිවාස ගැටලුව හා තේ, රබර් සහ පොල් කර්මාන්ත ආශ්‍රිතව මතුව ඇති ගැටලු, සම්බන්ධව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

කම්කරුවන් සඳහා ඉඩම් උප කොන්ත්‍රාත් ලබා දෙන නියමු ව්‍යාපෘතියක් පිළිබඳව ද අවධානය යොමු වූ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (LRC) සම්බන්ධ ගැටලු කෙරෙහි ද අවධානය යොමු වුණා.

එමෙන්ම ඉරානයට ලංකා තේ අපනයනය වැඩිදියුණු කිරීම පිළිබඳව ද විශේෂ සාකච්ඡාවට ලක්වූ බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17