කෘෂිකර්මාන්තයට නව තාක්‍ෂණය හඳුන්වා දීමට අගමැති, කියු ඩොන්ගුගෙන් සහාය ඉල්ලයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කියු ඩොන්ගු අතර හමුවක් අද (19)දින අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා.

වසර ගණනාවක් පුරා කෘෂිකර්මාන්තයට සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධනයට ලබාදුන් සහය වෙනුවෙන් ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා, කෘෂිකාර්මික සහ ධීවර ක්ෂේත්‍ර සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමේ සැලසුම් සඳහා තවදුරටත් සහාය ලබා දෙන ලෙස ආහාර සහ කෘෂිකර්ම සංවිධානයෙන් ඉල්ලා සිටියා.

ග්‍රාමීය ගොවිතැනට බලශක්ති උත්පාදනය උදෙසා සූර්ය පැනල සහිත ජල පොම්ප සවි කිරීම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී විශේෂයෙන් අවධානය යොමු කළා.

ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, මෙවැනි ව්‍යාපෘති අප්‍රිකාවේ හඳුන්වා දී ඇති අතර ශ්‍රී ලංකාවේ ද එවැනි ව්‍යාපෘතියක් පිළිබඳව ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් සලකා බලන බවයි.

ආචාර්ය කියු ඩොන්ගු ශ්‍රී ලංකාවේ දේශගුණික තිරසරභාවය මෙහි දී අගය කළ අතර, ″මෙම දූපත ඉන්දියන් සාගරයේ දීප්තිමත්ම ජල බිංදුව” ලෙස හැඳින්විය හැකි බව පැවසූ අතර මෑත යුගයේ දී සිදු වූ පෙර නොවූ විරූ අර්බුදයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියට ප්‍රශංසා කළ ඔහු කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට යළිත් පත්වනු ඇතැයි විශ්වාසය පළ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සාක්ෂි ගැන අහද්දි සජබ රෝහණට උත්තර නැතිවුණාද ?මෙතන කියන්න බෑ...මාව අපහසුතාවයට පත් කරන්න එපා
01:11
Video thumbnail
පැරදුණත් යන්නේ නැති තැන් මේ - කළින් හිටියේ පිල් මාරු කරපු මන්ත්‍රීවරයෙක්..දැන් හොරකම් කරන්නේ නෑ
02:37
Video thumbnail
විනිසුරුවරුන් සෙට් එකම මැ#ණොත් කොහොමද නඩු වේගවත් කරන්නේ ?නඩු ඉවර කර ගන්න සජබයෙන් දුන් විකල්ප
02:14
Video thumbnail
අපි සදාකාලිකව දේශපාලනයේ ඉන්නේ නෑ - පැරදුණොත් එළියේ..මේ යන්නේ ඒකාධිපති ගමන් මාර්ගයක්
08:58
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00