කුළුඳුල් IPL ශූරත්වය දිනූ RCB පිල විකිණීමේ උත්සාහයක්?

ඉන්දීය ප්‍රීමියර් ලීග් 2025 වසරේ ශූරත්වය දිනූ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලූරු කණ්ඩායමේ කොටස් විකුණා දැමීමේ සූදානමක් පිළිබඳ ව එරට මාධ්‍ය තොරතුරු අනාවරණය කර තිබෙනවා.

බ්‍රිතාන්‍යය සමාගමක් වන Diageo සතු ව පවතින RCB හිමිකාරීත්වය මේ වනවිට කොටස් කිහිපයක් හෝ සමස්ත ප්‍රමාණයම විකුණා දැමීමේ විකල්ප සොයමින් සිටින බවයි ‘ඉන්දියා ටුඩේ’ වෙබ් අඩවිය වාර්තා කළේ.

බොහෝ විචාරකයින් පවසන්නේ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට ඉක්මනින් ම හිමිකරුවෙකු ලැබෙනු ඇති බවයි.

ඉන්දියානු හස්තය වන යුනයිටඩ් ස්පිරිට්ස් ලිමිටඩ් හරහා RCB හිමිකාරීත්වය දරන බ්‍රිතාන්‍ය සමාගමක් වන ඩියාජියෝ පීඑල්සී, ෆ්‍රැන්චයිස් හි තම කොටස්වලින් කොටසක් හෝ සම්පූර්ණයෙන් විකිණීමට විකල්ප ගවේෂණය කරමින් සිටින බව බ්ලූම්බර්ග් වාර්තා උපුටා දක්වමින් ඉන්දියානු පුවත් වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා.

සමාගම තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, මෙම සාකච්ඡා තවමත් පෞද්ගලික මට්ටමේ පවතින බැවින් නිල වශයෙන් කිසිවක් දැනුම්දී නැහැ.

මූලාශ්‍රය – indiatoday

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?