කුඩා, මධ්‍ය සහ ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසාය දිරිගැන්වීම සම්බන්ධයෙන් සාකච්ඡා

කුඩා, මධ්‍ය සහ ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසාය දිරිගැන්වීම සහ ඒවායේ පවතින මූල්‍යමය ගැටලු විසඳීම සම්බන්ධයෙන් බැංකු ක්ෂේත්‍රය සමඟ ‘ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී සාකච්ඡා වී තිබෙනවා.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ ‘ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව’ පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අංශයේ බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරන නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරන නිලධාරීන් සහභාගී වූ අතර මෙරට ව්‍යවසාය සංවර්ධනය කිරීමට සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට ඔවුන් සතු අදහස් සහ යෝජනා ලබාගැනීම සිදු වී තිබෙනවා.

මෙහිදී ප්‍රධාන වශයෙන්ම කුඩා, මධ්‍ය සහ ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසාය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව සඳහන්.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ඒ ඒ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සහිත දත්ත පද්ධතියක් සකස්කර පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දෙනු ලැබුවා.

එසේම ව්‍යවසාය සංවර්ධනයේදී රාජ්‍ය ආයතන අතර සම්බන්ධතාවයක් ඇති කළ යුතු බවද පැමිණ සිටි නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මෙම ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඒ් ඒ් බැංකු විසින් ඉදිරිපත් කරන දීර්ඝ කාලීන යෝජනා මෙම විශේෂ කාරක සභාවට ලිඛිතව ලබා දෙන ලෙසටයි කාරක සභාවේ සභාපතිවරයා ඉල්ලීමක් කළේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ද මෙම කාරක සභාව හමුවේ අදහස් දක්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?