ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හිමිකාරිත්වය අත්කර ගැනීමට Anchor Sports AB සමාගමට හැකිව තිබෙනවා.
මෙම සමාගම හිටපු ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක සහීර් ඛාන් සහ ව්‍යාපාරික නාගේන්ද්‍ර සිද්දෞතම් සම හිමිකරුවන් වන ස්ටොක්හෝම් පදනම් කරගත් සමාගමක් වනවා.
ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ මීට පෙර හිමිකාරීත්වය දැරූ Sports Commune සමාගමේ සම හිමිකරුවෙකු වූ හිටපු ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩක මංජෝත් කල්රා තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව එම හිමිකාරීත්වය අවසන් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් සහ LPL හිමිකම් දරන Innovation Production Group යටතේ කණ්ඩායම තාවකාලික පරිපාලනයට පත්කර තිබුණා.













