බංගලාදේශ නව රජයේ තීරණ ගැන විශේෂඥයන්ගේ කනස්සල්ල

හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා බලයෙන් ඉවත් වීමෙන් අනතුරුව බංග්ලාදේශයේ ආරම්භ කළ ප්‍රජාතන්ත්‍රවාදී සහ ආයතනික ප්‍රතිසංස්කරණ රැසක් නව රජය යටතේ අඩපණ වී ඇති බවට දේශපාලන විශ්ලේෂකයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් කනස්සල්ල පළ කර තිබේ.

2024 ජනතා නැගිටීමෙන් පසුව බලයට පත් වූ අතුරු පාලනය විසින් මැතිවරණ ක්‍රමය, අල්ලස් හා දූෂණ විමර්ශන, මානව හිමිකම් ආරක්ෂාව සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ විමර්ශන ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රතිසංස්කරණ යෝජනා 133ක් ඉදිරිපත් කර තිබුණි. එහෙත්, පසුව බලයට පත් වූ නව රජය එම යෝජනාවලින් 20ක් පමණ ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව ශක්තිමත් කිරීම, දූෂණ විරෝධී කොමිසමේ ස්වාධීනත්වය වැඩිදියුණු කිරීම, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සම්බන්ධ විමර්ශන සහ ජනමත විචාරණ ක්‍රමවේදය පිළිබඳ ප්‍රතිසංස්කරණ අත්හැර දැමීම සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධාන විවේචන එල්ල කර තිබේ.

කෙසේ වෙතත්, නව රජය පවසන්නේ ජනතා මැතිවරණයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවේ කැමැත්තට අනුව ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන බවත්, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි යෝජනා පමණක් අනුමත කළ බවත්ය.

මේ අතර, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන අවධාරණය කරන්නේ 2024 ජනතා නැගිටීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා ලබාගත් ප්‍රගතිය ආරක්ෂා කර ගැනීම බංග්ලාදේශයේ දේශපාලන ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම හෝ අවලංගු කිරීම ජනතා අපේක්ෂාවන්ට බලපෑමක් ඇති කළ හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46