කළුතර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයන් දෙදෙනෙක් අඟුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක් බවයි පොලිසිය පවසන්නේ.
මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාර ගතකර සිටින තම සහෝදරයා බැලීම සඳහා සැකකරුවන් දෙදෙනා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මිල්ලනිය, බටගොඩ මාර්ගයේ දී දෛනික මුර රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් බටගොඩ ප්‍රදේශයේ මාර්ග බාධකයක් දමා රථ වාහන පරීක්ෂා කිරීමේ දී කෑම පාර්සල් දෙකක රැගෙන ගිය හෙරොයින් මත්කුඩු මිලිග්‍රැම් 12,400ක් සමඟ මෙම සැකකරු දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අඟුරුවාතොට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













