ජොන්ස්ටන් ඇතුළු පිරිසගේ ප්‍රතිශෝධන අයදුම්පත් ප්‍රතික්ෂේප වෙයි

සමුපකාර කොග වෙළඳ සංස්ථාවේ සේවකයන් රාජකාරි නොවන කටයුතු සඳහා යොදවා ඒ වෙනුවෙන් සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ මුදලින් වැටුප් සහ අතිකාල දීමනා ගෙවීමෙන් රජයට මිලියන 60 කට ආසන්න පාඩු සිදුකිරීමේ චෝදනා වලට අදාළව හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කල ජොන්ස්ටන් ප්‍රනාන්දුට, එහි සභාපති ලෙස කටයුතු කල එරාජ් ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂක ලෙස කටයුතු කල කාජා මොහිදින් මොහොමඩ් ෂාකිර් යන අයට මහාධිකරණය හමුවේ ගොනුකොට ඇති නඩු සම්බන්ධයෙන් CPA/77/2023 ඇතුළු සම්බන්ධිත ප්‍රතිශෝධන අයදුම්පත් වන CPA 130/23, CPA 131/23, CPA/118/23, CPA/ 119/23, СРА 154/23 2520 CPA/4/24 සම්බන්ධයෙන් තීන්දුව අභියාචනාධිකරණයේ විනිසුරු පී. කුමාරත්නම් මහතා, විනිසුරු ඩී. කොටවත්ත මහතා, විනිසුරු කේ. එම්. එස්. දිසානායක මහතා, විනිසුරු කේ. පී. ඊ. ප්‍රනාන්දු මහතා සහ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංක මහතා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (04) දින ලබා දෙනු ලැබුවා.

මෙම නඩුවල පළමු විත්තිකරු ලෙස එවකට සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ද, දෙවන විත්තිකරු ලෙස සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ (CWE) සභාපතිවරයාද, තෙවන විත්තිකරු ලෙස එහි වැඩබලන අධ්‍යක්ෂවරයාද නම් කර ඇති අතර ඔවුන් ට එරෙහිව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ නඩු පවරා ඇති අතර, 2022 කොල්මබ් මහාධිකරනය් හමුවේ HCB/164/2022, HCB/165/2022, HCB/166/2022, HCB/167/2022 සහ HCB/168/2022 යන නඩු අංක යටතේ අධිචෝදනා ගොනු කරන ලැබුවා.

මෙම නඩුවලදී විත්තිකරුවන් විසින් පූර්ණ කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව විමර්ශනය ආරම්භ කර ඇති බැවින් එම විමර්ශනය මුල සිට නීතිවිරෝධී බවත්, දෙවනුව, 2018 අංක 22 දරණ අල්ලස් (සංශෝධන) පනතයටතේ මහාධිකරණය හමුවේ නඩු පැවරීම, එම සංශෝධනයට පෙර සිදු වූ බව කියන ක්‍රියාවන් සඳහා අතීතයට බලපාන (retrospective) ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමක් වන බව සහ තවත් මූලික විරෝධතා කීපයක් තමහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීම අභියෝගයට ලක් කරනු ලැබුවා.

HCB/165/2022 නඩුවේදී මහාධිකරණය එම මූලික විරෝධතාවන් පිළිගෙන විත්තිකරුවන් නිදහස් කළ අතර, ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් CPA/77/2023 ප්‍රතිශෝධන අයදුම්පත ගොනු කරන ලැබුවා.

අනෙක් නඩුවලදී මූලික විරෝධතා ප්‍රතික්ෂේප වූ බැවින්, එම නියෝග වලට එරෙහිව විත්තිකරුවන් විසින් CPA/118/2023, СРА/119/2023, СРА/154/2023, СРА/130/2023, СPA/131/2023 0 CPA/07/2024 55 ප්‍රතිශෝධන අයදුම්පත් ගොනු කර තිබුණා.

එකම නීතිමය ගැටලු මත පදනම් වූ මෙම ප්‍රතිශෝධන අයදුම්පත් සියල්ල පංච පුද්ගල විනිසුරු මඬුල්ල විසින් ඒකාබද්ධව සලකා බැලීමෙන් අනතුරුව, අද (05) දින ප්‍රකාශයට පත් කළ තීන්දුව මඟින් අල්ලස් කොමිෂන් සභාව විසින් ගොනු කරන ලද CPA/77/2023 අයදුම්පතට අවසර ලබා දී, HCB/165/2022 නඩුවේ චුදිතයන් නිදහස් කරමින් මහාධිකරණය විසින් ලබා දුන් නියෝගය අවලංගු කරනු ලැබුවා.

එමෙන්ම විත්තිකරුවන් විසින් ගොනු කළ CPA/118/2023, СРА/119/2023, СРА/154/2023, СРА/130/2023, СРА/131/2023 0 CPA/07/2024 35 ප්‍රතිශෝධන අයදුම්පත් සියල්ල ප්‍රතික්ෂේප කරමින්, අදාළ මහාධිකරණ නඩු ඉදිරියට පවත්වා ගෙන යාමට නියෝග කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්