කුඩම්මාගේ හිරිහැර නිසා කුඩා දැරියක් කිලෝමීටර් 4ක් ගෙවාගෙන පයින්ම පොලිසියට ඇවිත්

තම කුඩම්මාගෙන් සිදුවන හිරිහැර ඉවසා ගත නොහැකි වූ වයස අවුරුදු 11ක දැරියක් තනිවම පොලිසියට පැමිණ අද (04) සවස පැමිණිලි කළ බව හොරොව්පොතාන පොලිසිය පවසනවා.

දැරියගේ මව මීට අවුරුදු පහකට පමණ පෙර මියගොස් ඇති අතර පසුව ඇගේ පියා විසින් දියණියක් සිටින වැන්දඹු කාන්තාවක් විවාහ කරගෙන සිටින බවටයි පොලිස් විමර්ශනයේදී හෙළිවී ඇත්තේ.

කුඩම්මා විසින් ඇගේ දියණියට ඉතා ආදරයෙන් සලකන බවත් තමන්ට බැණ වදිමින් හිරිහැර කරන බවත් දැරිය පොලිසියට පැමිණ පවසා තිබෙනවා.

කුඩම්මා විසින් සිදුකරන හිරිහැර ඉවසා ගත නොහැකි තැන මෙලෙස පොලීසියට පැමිණි බව දැරිය විසින් හඬමින් පැවසූ බවයි පොලිසිය පැවසුවේ.

දැරියගේ නිවසේ සිට පොලිසියට කිලෝමීටර් හතරක පමණ දුරක් ඇති අතර ඇය පා ගමනින් එම දුර ගෙවා ගෙන පැමිණ මෙම පැමිණිල්ල සිදුකර තිබෙනවා.

ඒ අනුව දැරියගේ කුඩම්මා වන 41 හැවිරිදි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට (05) ඇය සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58