කුඩම්මාගේ හිරිහැර නිසා කුඩා දැරියක් කිලෝමීටර් 4ක් ගෙවාගෙන පයින්ම පොලිසියට ඇවිත්

තම කුඩම්මාගෙන් සිදුවන හිරිහැර ඉවසා ගත නොහැකි වූ වයස අවුරුදු 11ක දැරියක් තනිවම පොලිසියට පැමිණ අද (04) සවස පැමිණිලි කළ බව හොරොව්පොතාන පොලිසිය පවසනවා.

දැරියගේ මව මීට අවුරුදු පහකට පමණ පෙර මියගොස් ඇති අතර පසුව ඇගේ පියා විසින් දියණියක් සිටින වැන්දඹු කාන්තාවක් විවාහ කරගෙන සිටින බවටයි පොලිස් විමර්ශනයේදී හෙළිවී ඇත්තේ.

කුඩම්මා විසින් ඇගේ දියණියට ඉතා ආදරයෙන් සලකන බවත් තමන්ට බැණ වදිමින් හිරිහැර කරන බවත් දැරිය පොලිසියට පැමිණ පවසා තිබෙනවා.

කුඩම්මා විසින් සිදුකරන හිරිහැර ඉවසා ගත නොහැකි තැන මෙලෙස පොලීසියට පැමිණි බව දැරිය විසින් හඬමින් පැවසූ බවයි පොලිසිය පැවසුවේ.

දැරියගේ නිවසේ සිට පොලිසියට කිලෝමීටර් හතරක පමණ දුරක් ඇති අතර ඇය පා ගමනින් එම දුර ගෙවා ගෙන පැමිණ මෙම පැමිණිල්ල සිදුකර තිබෙනවා.

ඒ අනුව දැරියගේ කුඩම්මා වන 41 හැවිරිදි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට (05) ඇය සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
20
අවුල් වගේ !
10
හරි හිනා !
9
හම්මෝ !
7
මාර දුකයි !
110
මලපනිනව !
39
කුජීතයි !
8
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?