කිවියන්ගේ දේශයේ සිට ලංකාව ගොඩදාන මැතිව්ස්ගේ පිත්ත වාර්තා අලුත් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් අද සිය ටෙස්ට් දිවියේ 14 වන ටෙස්ට් ශතකය වාර්තා කළා.

නවසීලන්තය සමග ක්‍රයිස්චර්ච් හීදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඔහු මෙම දස්කම දැක්වීමට සමත් වුණා.

පන්දු 226ක් තුළ ගොඩනැගුණු ඔහුගේ මෙම විශිෂ්ඨ ඉනිමට හතරේ පහර 09ක් ඇතුළත් වුණා.

මැතිව්ස්ගෙ මෙම ශතකය වාර්තා අතරට එක්වන්නේ 2023 වසර වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් වාර්තා කළ පළමු ටෙස්ට් ශතක ලෙසටයි.

නවසීලන්ත තුළ දී මැතිව්ස් වාර්තා කළ දෙවන ටෙස්ට් ශතකය ද මෙය වනවා.

මේ අතර මෙතෙක් අරවින්ද සිල්වාගේ නම ඉදිරියේ ලියවී තිබූ වාර්තාවක් තම නම ඉදිරියේ ලියවා ගන්නට මැතිව්ස්ට අද හැකියාව ලැබුණා.

ඒ නවසීලන්තය තුළ දී වැඩිය ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරුවා බවට පත්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?