කිවියන්ගේ දේශයේ සිට ලංකාව ගොඩදාන මැතිව්ස්ගේ පිත්ත වාර්තා අලුත් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් අද සිය ටෙස්ට් දිවියේ 14 වන ටෙස්ට් ශතකය වාර්තා කළා.

නවසීලන්තය සමග ක්‍රයිස්චර්ච් හීදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඔහු මෙම දස්කම දැක්වීමට සමත් වුණා.

පන්දු 226ක් තුළ ගොඩනැගුණු ඔහුගේ මෙම විශිෂ්ඨ ඉනිමට හතරේ පහර 09ක් ඇතුළත් වුණා.

මැතිව්ස්ගෙ මෙම ශතකය වාර්තා අතරට එක්වන්නේ 2023 වසර වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් වාර්තා කළ පළමු ටෙස්ට් ශතක ලෙසටයි.

නවසීලන්ත තුළ දී මැතිව්ස් වාර්තා කළ දෙවන ටෙස්ට් ශතකය ද මෙය වනවා.

මේ අතර මෙතෙක් අරවින්ද සිල්වාගේ නම ඉදිරියේ ලියවී තිබූ වාර්තාවක් තම නම ඉදිරියේ ලියවා ගන්නට මැතිව්ස්ට අද හැකියාව ලැබුණා.

ඒ නවසීලන්තය තුළ දී වැඩිය ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරුවා බවට පත්වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32