Empty Ad
AFC Banner
Empty Ad

කැන්ගරුවන්ට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය එළිදක්වයි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සඳහා නවක ක්‍රීඩකයෙක්වන සොනාල් දිනුෂ එක්කර තිබීම විශේෂත්වයක්.

ඊට අමතරව තවමත් ජගත් ටෙස්ට් වරම් ලබා නොමැති ලහිරු උදාර ද මෙම සංචිතයට ඇතුළත්.

මේ අතර ආබාධ හේතුවෙන් දෙරට අතර ටෙස්ට් තරගාවලිය සඳහා එක්වීම අවිනිශ්චිත වී සිටි පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් මෙම සංචිතයට නම්කර තිබෙනවා.

දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එළඹෙන 29 වනදා ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (24) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බවයි වාර්තා වුණේ.

1 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?