කැන්ගරුවන්ගේ පළමු ඉනිමට වඩා ඉන්දියාව තවත් ලකුණු 193ක් පසුපසින්

බෝඩර් ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 252ක් ලබා සිටියා.

ඒ සත්කාරක ඔස්ට්‍රෙලියාවේ පළමු ඉනිමට වඩා ලකුණු 193ක් තවදුරටත් පසුපසින් සිටිමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක ශර්මා පළමු ව පන්දුවට පහරදීම සඳහා සත්කාරකයින්ට ආරාධනා කළා.

එම ඇරයුම ඉහළින් ම පිළිගත් බව හඟවමින් ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව සියලු දෙනා දැවී ලකුණු 445ක්.

ඔස්ට්‍රෙලියාවේ පළමු ඉනිමට කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් ශතක දෙකක් ඇතුළත්.

එහි උරුමක්කාරයින් වූයේ ට්‍රවිස් හෙඩ් (152) සහ ස්ටීව් ස්මිත් (101).

ඇලෙක්ස් කේරි ලකුණු 70යි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පළමු ඉනිමේ කඩුලු බිඳ හෙලීමේ දී ජස්ප්‍රිට් බුම්‍රා කඩුලු 06ක්, මොහොමඩ් සිරාජ් කඩුලු 02ක් සහ එක් කඩුල්ල බැගින් අකාෂ් ඩීප් සහ නිටිෂ් කුමාර් බිඳ හෙලුවා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිමට පිතිකරණය ඇරඹි ඉන්දීය කණ්ඩායමේ මුල් පෙළ යළිත් සේදී ගියේ ඔස්ට්‍රෙලියානු පන්දු බල ඇණිය හමුවේයි.

දිගින් දිගටම අසාර්ථක වූ ශුබ්මන් ගිල්, රෝහිත් ෂර්මා, විරාට් කෝලි හා රිෂාබ් පාන්ට් මෙවරත් අඩු ලකුණකින් දැවී ගියා.

සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ගොඩ දැමූ කේ. එල්. රාහුල් ලකුණු 84ක් සහ රවීන්ද්‍ර ජඩේජා ලකුණු 77ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී පැට් කමින්ස් කඩුලු 04ක්, මිචෙල් ස්ටාක් කඩුලු 03ක් සහ එක් කඩුල්ල බැගින් හේසල්වුඩ් හා ලියෝන් අතරේ බෙදී ගියා.

බ්‍රිස්බේන් නුවර දී පැවැත්වෙන මෙම තරගයේ හෙට (18) අවසන් දිනයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21