කාලයකින් පිපෙන දුඟද හමන කිඩාරම් මල

කාලයකින් පිපෙන බව කියන කිඩාරම් මලක් මාදම්පේ – මැදගම ප්‍රදේශයේ ගෙවත්තකදී දක්නට ලැබිණි.

උඩින් අඩි 02 ක් පමණ වන පිපි ඇති මෙම කිඩාරම් මල දැක ගන්නට ප්‍රදේශයේ බොහෝ දෙනෙකු උනන්දු වන බවක්ද දක්නට ඇත.

“මල කුණු මල්” හෝ “දුගද මල්” යනුවෙන් කිඩාරම් මල හදුන්වති.කිඩාරම් මල තුළින් පැතිර යන අධික දුර්ඝන්ධය ඊට හේතුව බව පැවසේ Rafflesia කුලයට අයත් “කැරියන්” මල් විශේෂයක් බව පොත පතේ සදහන් වේ.

කිඩාරම් මල පිළිබදව ප්‍රථම වරට කථා බහ කර ඇත්තේ 1878 දී සුමාත්‍රාවේදී යි. කිඩාරම් මල දිරා පත් වන්නට පටන් ගැනීමත් සමග ඒ තුළින් දැඩි දුගදක් වහනය වේ.මේ නිසා නිල මැස්සන්,කුරුමිණියන් වැනි සතුන් කිඩාරම් මල දෙසට ආකර්ශනය වන බවත කියති.පරාගනයක් රහිත කිඩාරම් මල් තුළින් ඇති ප්‍රයෝජනය කුමක් දැයි කොතැනකවත් සටහන් වන්නේ නැත.

කිඩාරම් මල බෝර්නියෝ සහ සුමත්‍රා දූපත් ආශ්‍රිතව ඇති වැසි වනාන්තර සහිත ප්‍රදේශ වලදී දක්නට හැකි අතර,ඉද හිට මෙරට විවිධ ප්‍රදේශ වලින් මෙම මල් විශේෂය දැක ගන්නට හැකි වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?