Empty Ad
AFC Banner
Empty Ad

කළගුණ මතක, මහාධිකරණය විනිසුරු එම්.ඉලන්චේලියන් විශ්‍රාම යයි (ඡායාරූප)

වවුනියාව මහාධිකරණ විනිසුරු ලෙස සේවය කළ මානික්කවාසගම් ඉලන්චේලියන් මහතා සිය සේවා දිවියෙන් විශ්‍රාම ගොස් තිබෙනවා.

ඒ, මහතාගේ විශ්‍රාම යාමේ උත්සවය ඊයේ (01) වවුනියාව අධිකරණ සංකීර්ණයේ දී පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වවුනියාව, යාපනය, ත්‍රිකුණාමලය මහාධිකරණයන්හි දිගු කලක් සේවය කර ඇති ඔහු අත්දැකීම් බහුල මහාධිකරණ විනිසුරුවරයෙක්.

මතභේදාත්මක නඩු විභාග ගණනාවක් වෙනුවෙන් පෙනී සිටි එම්.ඉලන්චේලියන් මහතා යුද සමයේ අතුරුදහන්වූවන් වෙනුවෙන් පවතින හබයාස්කෝප් නඩුව වැනි අභියෝගාත්මක නඩු රැසක් විනිශ්චය කළ අයෙක් ද වනවා.

2017 වසරේ ජුලි මාසයේ යාපනය ප්‍රදේශයේ දී වෙඩි තැබීම සිද්ධියකට මුහුණදීමට ද සිය සේවා කාලය තුළ විනිසුරු ඉලන්චේලියන් මහතාට සිදු වුණා.

කෙසේ වෙතත් ඉන් ඔහුගේ ජීවිතයට හානියක් සිදුනොවූ අතර, විනිසුරුවරයාගේ ආරක්ෂාව සඳහා සිටි පොලිස් සැරයන්වරයා එම වෙඩි ප්‍රහාරයට ලක්ව මියගියා.

තමන්ගේ ජීවිතය බේරා වෙඩි උණ්ඩයකට බිළි වූ පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර වෙනුවෙක් කෘතගුණ දැක්වීමට කටයුතු කළ විනිසුරු එම්. ඉලන්චේලියන් පිළිබඳව එවක සමාජය තුළ වැඩි අවදානයක් යොමු වුණා.

Ilancheliyan 05
Ilancheliyan 04
Ilancheliyan 02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
1
+1
0
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:27:01
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
02:57
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49
Video thumbnail
බටලන්ද වාර්තාව ආවා විතරයි ගැමුණුත් වාර්තාවක් එළියට දායි
14:33

?