කාන්තාවන් සිහිනැති කර රන් මාල සොරාගන්නා කණ්ඩායමක් අත්අඩංගුවට

කාන්තාවන් සිහිනැති කර එම කාන්තාවන් පැළඳ සිටින ස්වර්ණාභරණ සොරාගන්නා සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයන් පිරිසක් හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් නගරයේ පසුගියදා පැවති උත්සවයකට සහභාගී වූ කාන්තාවකගේ මාලයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදීයි පොලිසිය මෙම කොල්ල කණ්ඩායම පිළිබඳ අනාවරණ කරගෙන ඇත්තේ.

පසුගිය 12 වනදා හැටන් නගරයේ උත්සව ශාලාවක පැවති උත්සවයකට පැමිණි කාන්තාවක් සමග මිතුදමක් ඇති කරගත් එම උත්සවයට සහභාගි වී සිටි තවත් කාන්තාවක් තමන් පැමිණි ත්‍රී රෝද රථයෙන් ඇයට නිවසටම යා හැකි බවට පවසා රැගෙන ගොස් තිබෙනවා.

සැකකාර කාන්තාව තවත් තරුණයන් දෙදෙනෙකු ද සමග ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිටියදී දික්ඔය ප්‍රදේශයේදී අනෙක් කාන්තාවට බීමට ජලය ලබාදී ඇතැයි සඳහන්.

ජලය පානය කිරීමෙන් අනතුරුව එම කාන්තාවට සිහිය නැති වීමත් සමග ඇයගේ ගෙල බැඳි පවුම් රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා 2 ½ ක රන් මාලය සොරාගෙන එම කාන්තාව දික්ඔය සාංචිමලේ මාර්ගයේ පිහිටි බස් නැවතුම්පොලක දමා සැකකරුවන් පළා ගොස් තිබෙනවා.

එම මාර්ගයේ ගමන් ගත් පිරිසක් විසින් සිහිසුන් වි සිටි කාන්තාව දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුවයි සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

අදාළ පැමිණිල්ල අනුව හැටන් පොලිසිය CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණයක් සිදු කර සැකකරුවන් පැමිණි ත්‍රී රෝද රථය සොයාගෙන එම සොරකමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී සොරකම් කරන ලද මාලය සහ රුපියල් 60000ක මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇතැයි සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හැටන් සහ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාරිය වටවල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් අනාවරණ වී තිබෙනවා.

වයස අවුරුදු 27 සහ 45 අතර වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් මෙවැනි සොරකම් ගණනාවකට පොලිස් ස්ථාන කිහිපයකටම අවශ්‍යව සිටි පිරිසක් බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12