කාන්තාවන් සිහිනැති කර රන් මාල සොරාගන්නා කණ්ඩායමක් අත්අඩංගුවට

කාන්තාවන් සිහිනැති කර එම කාන්තාවන් පැළඳ සිටින ස්වර්ණාභරණ සොරාගන්නා සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයන් පිරිසක් හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් නගරයේ පසුගියදා පැවති උත්සවයකට සහභාගී වූ කාන්තාවකගේ මාලයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදීයි පොලිසිය මෙම කොල්ල කණ්ඩායම පිළිබඳ අනාවරණ කරගෙන ඇත්තේ.

පසුගිය 12 වනදා හැටන් නගරයේ උත්සව ශාලාවක පැවති උත්සවයකට පැමිණි කාන්තාවක් සමග මිතුදමක් ඇති කරගත් එම උත්සවයට සහභාගි වී සිටි තවත් කාන්තාවක් තමන් පැමිණි ත්‍රී රෝද රථයෙන් ඇයට නිවසටම යා හැකි බවට පවසා රැගෙන ගොස් තිබෙනවා.

සැකකාර කාන්තාව තවත් තරුණයන් දෙදෙනෙකු ද සමග ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිටියදී දික්ඔය ප්‍රදේශයේදී අනෙක් කාන්තාවට බීමට ජලය ලබාදී ඇතැයි සඳහන්.

ජලය පානය කිරීමෙන් අනතුරුව එම කාන්තාවට සිහිය නැති වීමත් සමග ඇයගේ ගෙල බැඳි පවුම් රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා 2 ½ ක රන් මාලය සොරාගෙන එම කාන්තාව දික්ඔය සාංචිමලේ මාර්ගයේ පිහිටි බස් නැවතුම්පොලක දමා සැකකරුවන් පළා ගොස් තිබෙනවා.

එම මාර්ගයේ ගමන් ගත් පිරිසක් විසින් සිහිසුන් වි සිටි කාන්තාව දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුවයි සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

අදාළ පැමිණිල්ල අනුව හැටන් පොලිසිය CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණයක් සිදු කර සැකකරුවන් පැමිණි ත්‍රී රෝද රථය සොයාගෙන එම සොරකමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී සොරකම් කරන ලද මාලය සහ රුපියල් 60000ක මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇතැයි සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හැටන් සහ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාරිය වටවල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් අනාවරණ වී තිබෙනවා.

වයස අවුරුදු 27 සහ 45 අතර වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් මෙවැනි සොරකම් ගණනාවකට පොලිස් ස්ථාන කිහිපයකටම අවශ්‍යව සිටි පිරිසක් බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43