කාදිනල් හිමිට අපහාස කිරීම හා කතෝලික ප්‍රජාව කෝප ගැන්වීමට චෝදනා ලැබූ නාමල් කුමාර තවදුරටත් රිමාන්ඩ්

කාදිනල් හිමිපාණන්ට අපහාස කිරීම සහ කතෝලික ජනතාව කෝප ගැන්වෙන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බ්න්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර සහ අසේල නුවන් රාජපක්ෂ යන දෙදෙනා තවදුරටත් ලබන 11 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඊයේ (29) නියෝග කළා.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම වාර්තාව සම්බන්ධයෙන් ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර මහේස්ත්‍රාත්වරිය ඊට අවසර ලබා දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර ඉදිරි දින අධිකරණයට දැනුම් දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57