AFC Banner
Empty Ad
Empty Ad

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට නව අධිකාරියක්

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය හා වැවිලි ව්‍යවසාය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඊයේ (05) සවස රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේ දී පැවති උත්සව අවස්ථාවක දී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට රටතුළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 11,000 ක් පමණ ක්‍රියාත්මක වුවද , ඉන් ලියාපදිංචි කර ඇත්තේ 05 ක් පමණක් බවයි.

ඒ, අනුව ලියාපදිංචියක් නැති ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පවතිනවා යන්නෙන් ගම්‍ය වන්නේ කිසිදු පාලනයකින් තොරව එම ආයතන පවත්වාගෙන යන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු සඳහා අපහසුතාවයන්ට ලක්වූ ලක්ෂ 30 ක පමණ පිරිසක් සංවිධාන ගත වී ඇති බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

ඒ, අනුව මෙය ජාත්‍යන්තරය දක්වා ගිය ප්‍රශ්නයක් බවත්, මෙම ආයතන සියල්ල ලියාපදිංචිය අනිවාර්ය කරන බවත්, මහ බැංකුවේ නියාමනයට හා නීතී පද්ධතියට එම ආයතන යටත්වන බවත් සඳහන් කළ අමාත්‍යවරයා ඒ සඳහා අනුගත නොවන ආයතන හා පුද්ගලයන්ට රුපියල් ලක්ෂ 50ක දඩ මුදලකටත්, වසර 05 දක්වා සිරදඩුවමකටත් යටත් වීමට සිදුවන බව ද සඳහන් කර සිටියා.

මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් වැඩි වශයෙන් ගනුදෙනු කරනු ලබන්නේ ග්‍රාමීය අඩු ආදායම් ලබන ජනතාව බවත්, ඒ අනුව එම ජනතාව මුහුණ දී ඇති අසීරුතාවයන් සහ පීඩාකාරී තත්ත්වය රජය හඳුනාගෙන ඇති බැවින් මෙවන් පියවරක් අනුගමනය කිරීමට කටයුතු කළ බවත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ වේදිකාවේ රාජිතගේ ලස්සන කවියක් - ඒකනම් බොක්කටම වැදුනා රජිත#ranilwickremesinghe
02:05
Video thumbnail
අනුර කුමාරට සුමති හෝ රයිගම් සම්මාන හම්බවෙන්න ඕනි#anurakumaradissanayake
01:54
Video thumbnail
සජිත්ගේ මාතර රැළියට ජන ගඟක්...#mathara #sajithpremadasa
01:38
Video thumbnail
ලබන සෙනසුරදා ජයග්‍රහණය සහතිකයි - AKD අදනම් පුදුම Funඑකේ ඉන්නේ#anurakumaradissanayake #npp
05:10
Video thumbnail
අනුර බෞද්ධ වුණා පෙරේදා - හැබැයි සමාව ගත්තේ නැහැ #akd #anurakumaradissanayake #mihinthale
04:23
Video thumbnail
දෙබරවැවට ආපු සජිත්ගේ කරට දාන්න හදපු 5000කොළ මාලය#sajithpremadasa #sjb
05:20
Video thumbnail
හර්ෂ සජිත් ළඟ ඉන්න ඇත්තම හේතුව එළියට එයි #harsha de silva #sajith #sajithpremadasa
03:49
Video thumbnail
කඳුළු පුරවාගෙන අනුරට ආශිර්වාද කරපු හාමුදුරුවෝ #npp #akd #anurakumaradissanayake #election2024
02:01
Video thumbnail
සජිත් බයේ පැනලා ගියා - කට උත්තර නැති වෙන්නම උත්තර මෙන්න #sajithpremadasa #sajith #sjb
06:46
Video thumbnail
සද්ද දාලා අහුවෙන්න එපා #exam #education
03:08

?