ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට නව අධිකාරියක්

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය හා වැවිලි ව්‍යවසාය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඊයේ (05) සවස රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේ දී පැවති උත්සව අවස්ථාවක දී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට රටතුළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 11,000 ක් පමණ ක්‍රියාත්මක වුවද , ඉන් ලියාපදිංචි කර ඇත්තේ 05 ක් පමණක් බවයි.

ඒ, අනුව ලියාපදිංචියක් නැති ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පවතිනවා යන්නෙන් ගම්‍ය වන්නේ කිසිදු පාලනයකින් තොරව එම ආයතන පවත්වාගෙන යන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු සඳහා අපහසුතාවයන්ට ලක්වූ ලක්ෂ 30 ක පමණ පිරිසක් සංවිධාන ගත වී ඇති බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

ඒ, අනුව මෙය ජාත්‍යන්තරය දක්වා ගිය ප්‍රශ්නයක් බවත්, මෙම ආයතන සියල්ල ලියාපදිංචිය අනිවාර්ය කරන බවත්, මහ බැංකුවේ නියාමනයට හා නීතී පද්ධතියට එම ආයතන යටත්වන බවත් සඳහන් කළ අමාත්‍යවරයා ඒ සඳහා අනුගත නොවන ආයතන හා පුද්ගලයන්ට රුපියල් ලක්ෂ 50ක දඩ මුදලකටත්, වසර 05 දක්වා සිරදඩුවමකටත් යටත් වීමට සිදුවන බව ද සඳහන් කර සිටියා.

මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් වැඩි වශයෙන් ගනුදෙනු කරනු ලබන්නේ ග්‍රාමීය අඩු ආදායම් ලබන ජනතාව බවත්, ඒ අනුව එම ජනතාව මුහුණ දී ඇති අසීරුතාවයන් සහ පීඩාකාරී තත්ත්වය රජය හඳුනාගෙන ඇති බැවින් මෙවන් පියවරක් අනුගමනය කිරීමට කටයුතු කළ බවත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14