spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කළුතර පාසල් සිසුවිය මියයාමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

කළුතර නගරයේ ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් තුන්දෙනා ලබන ජුලි මස 7 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමාලී හාල්පාන්දෙනිය මහත්මිය යි අද මෙම නියෝගය ලබාදුන්නේ.

දැරිය පස්මහල් ගොඩනැගිල්ලෙන් ඇදවැටෙන මොහොතේ ඇය සමග කාමරයේ සිටි බව කියන ප්‍රධාන සැකකරු, ඇය හෝටලයට කැටුව ගිය බව කියන සැකකරුවන් වන කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයා සහ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණිය මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

දකුණු කළුතර, ප්‍රධාන වීදිය, අංක 402 ලිපිනයේ පිහිටී සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල්පාරේ පසුගිය මැයි 6 වනදා රාත්‍රී වැටී මියගොස් සිටියදී සොයාගන්නා ලද නාගොඩ ,ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ මිය යාමට අදාළව සිදු කරන පරීක්ෂණවලට සහය දෙන බවත් ඕනෑම කොන්දේසියක් යටතේ සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙසටයි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඇතුළු නීතිඥවරුන් සැකකරුවන්ට ඇප ලබාදීමට විරුද්ධව කරුණු දක්වා තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශය අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබූ අතර නඩුව ලබන ජූලි 7 වනදා යළි යලි කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
9
+1
3
+1
2
+1
9
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?