කලම්බෝ මැරතන් තරගයේ ජයග්‍රාහකයින්ට මිලියන 12.8ක තෑගි – විදෙස් තරගකරුවන් 140ක්

කලම්බෝ මැරතන් 2026 තරගය අනිද්දා (13) කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

මෙම තරගය පිළිබඳවව දැනුම්වත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත් වුණා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කළේ මෙම තරගය සඳහා තරගකරුවන් 5000ක් පමණ සහභාගීවන බවයි.

මේ වනවිටත් රටවල් 25 කින් පමණ තරගකරුවන් 140ක් පමණ මෙම මැරතන් තරගය වෙනුවෙන් ලියාපදිංචි වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එලෙස ලියාපදිංචි වූ තරගකරුවන් අතර කෙන්යානු, ඉතියෝපියානු වැනි රටවල තරගකරුවන් ද සිටින බවයි ඔහු පැවසුවේ.

තරගයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීම වෙනුවෙන් මිලියන 12.8ක මුදලක් වෙන්කර ඇති බවත්, ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

ක්‍රීඩාව ප්‍රවර්ධනය සහ කොළඹ නගරයේ සංචාරක ආකර්ෂණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙනි කලම්බෝ මැරතන් 2026 තරගය සංවිධානය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53