කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමට අනුමැතිය

කර්මාන්ත අංශයේ තාක්ෂණික, වෙළෙඳ, නිපුණතා හා පාරිසරික ආදී ක්ෂේත්‍රයන්ට අදාළ කාලීන අවශ්‍යතාවන් සපුරාගත හැකි වන පරිදි කර්මාන්ත ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා දැනට පවතින 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනතේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබෙනවා.

එබැවින්, එකී පනත සංශෝධනය කිරීම සඳහා 2021‑03‑08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

නීති කෙටුම්පත් සම්පාදක විසින් මේ වන විට එකී පනත සංශෝධනය කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අතර, පනත සංශෝධනය කිරීමේ කාර්යය සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය එකඟතාව ලබා ගැනීමේ අවශ්‍යතාව නීති කෙටුම්පත් සම්පාදක විසින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන එකී පනත් කෙටුම්පත සකස් කිරීමේ කාර්යය කඩිනමින් නිම කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදීමට තීරණය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39