කන්දකාඩුවෙන් පැනගිය රැඳවියෙක් ජීවිතක්ෂයට

වැලිකන්ද – කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගොස් සිටි රැඳවියෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

අදාළ රැඳවියා අද (12) උදෑසන මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වැලිකන්ද පොලිසිය සඳහන් කළේ.

පසුගිය 07 වනදා පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ කළහකාරී සිද්ධිය අතර තුර මෙම පුද්ගලයා ද පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගොස් ඇති බවයි අනාවරණය වුණේ.

පසුව ඔහු ත්‍රිකෝණමඩුව ප්‍රදේශයේ මාර්ගයක් අසළ වැටී සිටියදී ආරක්ෂ අංශ විසින් සොයා ගැනීමෙන් අනතුරුව ඊයේ (11) රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කඩුවෙල, රත්ගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.මොහාන් කුමාර නමැති අයෙක් බවයි වාර්තා වුණේ.

මෙම මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරික්ෂණ අද (12) සිදු කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය දා ඇතිවූ කලහකාරී සිද්ධියෙන් පැනගිය රැදවියන් 11දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති අතර, ඔවුන් සොයා ආරක්ෂක අංශ තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23