Update – වෙඩි ප්‍රහාරයට ලක් වූ කන්ජිපානි ඉම්රාන්ගේ ඥාතියා ජීවිතක්ෂයට (වීඩියෝ)

කොටහේන පොලිස් වසමේ සංඝරාජ මාවත ප්‍රදේශයේ අද දහවල් සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කන්ජිපානි ඉම්රාන්ගේ ඥාතියෙක් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු වුණා.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ එම පුද්ගලයා ජීවිතක්ෂය පත්ව ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.

හාඩ්වෙයාර් හිමිකරුවෙක් වෙන මෙම පුද්ගලයා ඉලක්ක කර අද දහවල් 1.45ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

=====================================

කන්ජිපානි ඉම්රාන්ගේ සමීපතම ඥාතියෙක් ඉලක්ක කර වෙඩි තැබීමක්

කොටහේන පොලිස් වසමේ සංඝරාජ මාවත ප්‍රදේශයේ අද (10) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙළඳසැලක හිමිකරුවෙක් ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කන්ජිපානි ඉම්රාන්ගේ ඥාතියෙක් බවට තොරතුරු වාර්තා වනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගත කළ බවයි පොලිසිය පවසන්නේ.