කංජිපානිගේ ප්‍රධාන ගෝලයා ඇතුළු පාතාලයේ තිදෙනෙක් අද ලංකාවට

මැලේසියාවේ දී අත්අඩංගුවට ගැනුණු ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් තිදෙනෙක් අද (10) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් එම සැකකරුවන් දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙලෙස රැගෙන ඒමට නියමිත සකකරුවන් අතර ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකුවන ‘රත්මලානේ සයිමා’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ද සිටින බවට තොරතුරු වාර්තා වනවා.

මෙම සැකකරුවන් පිරිස රැගෙන එනු ලබන UL 317 ගුවන් යානය අද (10) පස්වරු 4.00ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වීමට නියමිතව තිබෙනවා.