කඩුවෙල ප්‍රදේශයට එන රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කඩුවෙල, සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයේ දිය කැපීමේ වාර්ෂික මහා පෙරහර හෙට (16) දින උදෑසන 06.00 සිට දහවල් 02.00 දක්වා විථි සංචාරය කෙරෙනවා.

පෙරහර දේවාලය අසලින් ආරම්භ වී, 143 – අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගය හරහා කඩුවෙල රාජසිංහ පාලම මතින් බණ්ඩාරවත්ත, බියගම ප්‍රදේශයට ගමන් කර දිය කැපීමේ චාරිත්‍රය අවසන් වීමෙන් පසුව නැවත එම මාර්ගයේම කඩුවෙල හන්දිය හරහා දේවාලය වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

පෙරහර ගමන් ගන්නා කාල සීමාව තුල ඇතිවන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට එම ප්‍රදේශය ඔස්සේ ගමන් කරන රියැදුරන්ගෙන් හා මහජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටිනවා.

පොලිසිය විසින් යෝජනා කර තිබෙන විකල්ප මාර්ග :-

143 – අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගයේ වෙලේ හන්දිය අසලින් රථවාහන ගමනාගමනය සීමා කරන අවස්ථාවේ විකල්ප මාර්ගයන් වශයෙන් 697 බස් මාර්ගයෙන් පට්ටියවත්ත මාර්ගය ඔස්සේ 177 කඩුවෙල කොල්ලුපිටිය බස් මාර්ගයට අවතීර්‌ණය වී මාලඹේ දෙසට ඇති රාජසිංහ මාවත ඔස්සේ නැවත 143 අවිස්සාවේල්ල කොළඹ බස් මාර්‌ගයට අවතීර්ණ වී ගමන් කල හැක.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12