කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්තශාලාවක ගින්නක්

කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා මේවනවිට ගිනි නිවන රථ 07ක් යොදවා ඇති බව පොලිසිය පවසනවා.

Update 02/03/2021 10.36AM

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලාවක ඇති වු ගින්න මේ වනවිට මැඩපවත්වා තිබේ. 

අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සිදුකරන කර්මාන්ත ශාලාවක අද (03) උදෑසන මෙම ගින්න හටගෙන තිබුණි.

ඒ අනුව ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා ගිනි නිවීමේ ඒකකය, මීගමුව නගර සභාව, පොලීසිය මෙන්ම ගුවන් හමුදාව ද එක්වු බව කටුනායක පොලීසිය පැවසීය.

එම කටයුතු සඳහා ගිනි නිවීමේ රථ 08ක් යොදාගත් බව ද පොලීසිය සඳහන් කළේය.

අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත ශාලාවේ කසළ පිළිස්සුම් ස්ථානයකින් ගින්න හටගෙන ඇති බවට සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

ගින්නෙන් පසුව අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින් 30 දෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

මීගමුව රෝහලේ අධ්‍යක්ෂ එන්. ලෝගනාදන් මහත්මිය Gossiplankanews.lk වෙබ් අඩවියට පැවසුවේ, ගින්නෙන් පසුව ඇති වූ ශ්වසන අපහසුතා හේතුවෙන් මෙම සේවකයින් රෝහල් ගත කර ඇති බව ය. 

කෙසේවෙතත්, රෝහල් ගත කළ සේවකයින්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔවුන් මේ වන විට රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් මීගමුව රෝහලේ අධ්‍යක්ෂවරිය පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශේෂ මාධ්‍ය සාකච්ඡාව
00:00
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.11
00:00
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන චාමරගෙන් ප්‍රබල හෙළිදරව්වක් - "ස#රාන්ව ගෙනිච්ච නීතිඥයා පාර්ලිමේන්තුවේ ඉන්නවා"
03:14
Video thumbnail
චාමර - අනුර ගැන ගුණ වයයි - අනුර නියම විධායක ජනාධිපති - සරණට දුන්න නඩු තීන්දුව නියමයි
03:43
Video thumbnail
විරුද්ධ පක්ෂය ගෙන යන උපවාස ගැන මුජිබුර් කිව්ව දේ - මේක රටේ ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්
01:04
Video thumbnail
සුරේෂ් සලේ ගැන මුජිබුර් කට අරියි - නිර්දෝෂීනම් උසාවියේ ඔප්පු කරන්න..උපවාස කරලා වැඩක් නෑ
02:52
Video thumbnail
චමින්ද වෙච්ච අසාධාරණයක් නිසා පාර්ලිමේන්තුවේ යකා නටයි - කුඩු විකුණලා නෙවෙයි..මට වුණ අසාධාරණයක්
04:10
Video thumbnail
චාමර නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි - සුදුළූණු පොඩි කරන්න ඕනි නෑ..වහාම විදුහල්පති අයින් කරන්න
02:48
Video thumbnail
රට වැටෙන එක නවත්තන්න අනුරට බෑ - ඩොලරය 370ට ගියොත් අනුරට ගෝඨාභය හම්බවෙනවා
04:32
Video thumbnail
අජිත්, චමින්ද, හර්ෂණ උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - මම මේකට උත්තර දෙන්න බැදිලා නෑ
07:14