ඔස්කාර් සම්මානලාභී සුප්‍රසිද්ධ නළුවෙකු හා ඔහුගේ බිරිඳගේ මළසිරුරු සොයා ගැනේ

සුප්‍රසිද්ධ ඔස්කාර් සම්මානලාභී නළුවෙකු ලෙස සැලකෙන අමෙරිකානු ජාතික ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

බීබීසී පුවත් සේවය වාර්තා කළේ නිව් මෙක්සිකෝවේ සැන්ටා ෆේ හි පිහිටි ඔවුන්ගේ නිවසෙහි මියගොස් සිටියදී සොයාගත් බවයි.

දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන රංගන වෘත්තීය ජීවිතය තුළ, ජීන් හැක්මන් ඇකඩමි සම්මාන දෙකක්, බැෆ්ටා දෙකක්, ගෝල්ඩන් ග්ලෝබ් හතරක් සහ තිර නළු නිළියන්ගේ සංසද සම්මානයක් ද දිනාගත් විශිෂ්ටයෙක්.

නිව් මෙක්සිකෝවේ සැන්ටා ෆේ ප්‍රාන්ත රජය දැනුම්දී ඇත්තේ “ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම අද (27) පස්වරුවේ සන්සෙට් ට්‍රේල් හි ඔවුන්ගේ නිවසේ දී මියගොස් සිටියදී සොයාගත් බව අපට තහවුරු කළ හැකිය..” යන්නයි.

මෙය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක වී තිබෙනවා.

1971 දී විලියම් ෆ්‍රීඩ්කින්ගේ ත්‍රාසජනක චිත්‍රපටයක් වන ‘ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන් හි “පොපේයි” ඩොයිල් ලෙස රඟපෑම වෙනුවෙන් හැක්මන් හොඳම නළුවාට ඔස්කාර් සම්මානය දිනාගත්තා.

හැක්මන් වයස අවුරුදු 95 ක් වූ අතර ඔහුගේ බිරිඳ වයස අවුරුදු 63ක්.