ඓතිහාසික මහියංගණය රාජමහා විහාරය සහ සුමන සමන් දේවාලය එක්ව සංවිධානය කරනු ලබන ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අනිද්දා (17) දිනයේ දී ආරම්භ වීමට නියමිතයි.
පසුගිය 13 වැනිදා ආරම්භ වූ ඇතුල් පෙරහැර හෙට (16) දක්වා පැවැත්වෙන අතර, 17 වැනිදා සිට 21 වැනිදා දක්වා කුඹල් පෙරහැර පැවැත්වෙනවා.
රන්දෝලි පෙරහැර 22 වැනිදා ආරම්භ වන අතර, එය 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
දවල් පෙරහැර සහ දිය කැපීමේ මංගල්‍යය 27 වනදා පැවැත්වීමෙන් අනතුරුව පෙරහැර මංගල්‍යය අවසන් වීමට නියමිතයි.













