Fly high Get bonus Aviator Phone

එළුවන් සොරකම් කළ අයට වැඩ වරදියි

යාපනය, වේලනෙයි ප්‍රදේශයේ දී එළුවන් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (16) රාත්‍රියේ ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලිසිය වෙත භාර දුන් බව කයිට්ස් පොලිසිය පවසනවා.

වේලනෙයි ප්‍රදේශයේ සිදුවන එළුවන් සොරකම් සම්බන්ධයෙන් අවධානයෙන් පසු වූ ප්‍රදේශවාසීන් විසින් නීතිවිරෝධී ව කැබ් රථයකින් එළුවන් පටවාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු එලෙස අල්ලාගෙන පොලිසිය වෙත භාර දී ඇති බවයි පැවසෙන්නේ.

සැකකරුවන් අල්ලාගන්නා අවස්ථාවේ එළුවන් හය දෙනෙකු සොරකම් කර, කැබ් රථයේ පටවාගෙන යමින් සිට ඇති බව ද පොලිසිය කියා සිටිනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා කැබ් රථය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?