spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එළවළු ප්‍රවාහනය කරන මුවාවෙන් ගංජා ඇදලා (ඡායාරූප)

වේළිඔය ප්‍රදේශයේ සිට බලන්ගොඩ නගරය දක්වා ධාවන වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් පරික්ෂාවට ලක් කිරීමේ දී එළවළු ප්‍රවාහනය කරන මුවාවෙන් ගංජා ප්‍රවාහනය කළ පුද්ගයෙකු ගංජා කිලෝ එකයි ග්‍රෑම් අනුවක් ද සමඟ අද (19)දින අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි තිස් අට හැවිරිදි පුද්ගයෙක්.

යුක්තියේ මෙහෙයුමට සමගාමීව එම බස් රථය පරික්ෂාවට ලක් කළ බවත් බටු ගෝනියක් තුල ඉතා ශුක්ෂමව සඟවා තිබිය දී මෙම ගංජා තොගය රැගෙන පැමිණ ඇති බව පොලිසිය පවසනවා.

එම ගංජාවල සුවඳ වහනය වීම වැලක්වීම සඳහා සුවඳවිළවුන් ඉස ඇති බව ද පරික්ෂණවල දී අණාවරණය වු බව බලන්ගොඩ පොලිසිය සදහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ගංජා තොගය බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

IMG 20240219 WA0015
IMG 20240219 WA0013 2
IMG 20240219 WA0012 2
G2 1
G2 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?