එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ඇති නීතිමය හැකියාව

කොවිඩ් මර්දන එන්නත් තුනම ලබානොගත් පුද්ගලයින් පොදු ස්ථානවලට ප්‍රවේශවීම වළක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පසුගියදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් නොවන බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, එවැනි ක්‍රියාවක් මහජන සුබසිද්ධිය පවත්වාගෙන යෑම ඉතා අත්‍යාවශ්‍ය අවස්ථාවක දී යම් යම් රෙගුලාසිවලට යටත්ව සෞඛ්‍ය අමාත්‍යවරයාට එය කළ හැකි බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති නීතිඥ යූ.ආර්.ද. සිල්වා මහතා,

“එවැනි ක්‍රියාවක් මහජන සුබසිද්ධිය සඳහා පවත්වාගෙන යෑම ඉතාමත් අත්‍යාවශ්‍ය අවස්ථාවක දී අවශ්‍ය කරන ඒ ඒ රෙගුලාසි වෙනස් කිරීම්වලට යටත්ව සෞඛ්‍ය අමාත්‍යවරයාට එය කළ හැකියි. එලෙස පටහැනිව ක්‍රියා කරනවා නම්, එවැනි අය අපේ නීතියේ සඳහන් වන රෝග කාරක තත්ත්වයන් අනෙක් අයට බෝකිරීම සඳහා කටයුතු කරන පුද්ගලයෙක් හැටියට ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ හැකියි. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 262 වගන්තිය යටතේ ක්‍රියාකිරීමේ හැකියාව තිබෙනවා. ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කිරීම තහනම් වගේ, මෙයත් පොදු ස්ථානවලට, පොදු ප්‍රවාහනයට, පුර්ණ එන්නත්කරණයෙන් තොරව හෝ ඔහුව මුදාහැර ඇති බවට සහතිකයක් නොමැතිව ඇතුළුවීම හෝ ප්‍රවාහනය කිරීම තහනම් කිරීම මෙයින් කරනු ලබයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48