එඩ්වඩ් කුමරුට අලුත් තනතුරක්

බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු එඩින්බරෝ හි නව ආදිපාදවරයා ලෙස නම් කර ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කරනවා.

කුමරුගේ 59 වැනි උපන්දිනයේදී III වන චාල්ස් රජු විසින් පිරිනමන ලද මෙම ධුරය ඔහුගේ ජීවිත කාලය සඳහා ම වලංගු වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එඩින්බරෝ හි හිටපු ආදිපාදවරයා වූයේ 2021 වසරේදී අභාවප්‍රාප්ත වූ පිලිප් කුමරු වන අතර ඔහුගේ විවාහ මංගල්‍ය දින උදෑසන ඔහුට එම පදවිය ලබා දුන්නේ පසුව දෙවන එලිසබෙත් රැජින බවට පත් වූ එලිසබෙත් කුමරිය විසිනුයි.

එඩින්බරෝ හි නව ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන සොෆී එඩින්බරෝ හි සිටිනු ඇති බවයි වාර්තා වන්නේ.

යුක්රේනයේ ගැටුමේ පළමු වසර සනිටුහන් කරමින් අද ස්කොට්ලන්ත අගනුවර පැවැත්වෙන උත්සවයකට මෙම යුවළ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එඩ්වඩ් කුමරු එඩින්බරෝ හි ආදිපාදවරයා බවට පත්වන්නේ වසර 70කට වැඩි කාලයක් එම පදවිය හෙබවූ ඔහුගේ පියා වන පිලිප් කුමරුගේ අභාවයෙන් වසර දෙකකට පමණ පසුවයි.

මේ අනුව සිංහාසනයේ අනුප්‍රාප්තිකයා ලෙස 13 වැනියා වන එඩ්වඩ් කුමරු, ඔහුගේ නැසීගිය පියාට සමාන පදවි නාමයක් සහිත ආදිපාදවරයෙකු ලෙස මැයි මාසයේ රාජාභිෂේකයට සහභාගී වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12