එකම පවුලේ අයියා සහ නංගී සැඩ පහරක ගසාගෙන යයි

හාලිඇල බෝගොඩ ප්‍රදේශයේ එකම පවුලේ ළමුන් දෙදෙනෙකු සැඩ පහරක ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා.

අද සවස බෝගොඩ – හළාඹ මාර්ගය හරහා ගලා යන කුඩා දිය පහරකින් එගොඩ වෙමින් සිටි ඔවුන් අධික වර්ෂාව සමග ඇදී ආ සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 10 වයසේ පසු වූ පිරිමි දරුවෙක් සහ ඔහුගේ 08 හැවිරිදි සොහොයුරියයි.

ඔවුන් මෙලෙස සැඩ පහරට හසුවී ඇත්තේ කුලී වැඩට ගිය මව නිවසට පැමිණීම පමා වීම හේතුවෙන් ඇය සොයා ගෙන ගිය අවස්ථාවේදී බවයි ගම්වාසීන් පවසන්නේ.

මෙම දරුවන් දෙදෙනා බෝගොඩ විද්‍යාලයේ 4 වන ශ්‍රේණියේ සහ පළමු වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්.

ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ළමුන් දෙදෙනා සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතත් පවතින අඳුර හේතුවෙන් ඊට බාධා මතුවී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?